• April 26, 2022
  • No Comment
  • 937

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ‍්‍රී ලංකාව – තෝරාගත් ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් – බවට නම් කර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, 2023 – 2028 කාලයේ දී කල්පිරීමට නියමිත සෛවරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොළිය ගෙවීමට ලබා දී ඇති දින 30ක කාලයෙන් පසුත් ගෙවීම මගහැරීම හමුවේ ශ්‍රේණිගත කිරීම ඩී මට්ටම දක්වා තවදුරටත් පහළ දැමිය හැකි බවයි.

‘ඩී’ මට්ටම ලෙස හඳුන්වන්නේ ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් යන්නයි.

අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව එම මුදල ගෙවාදමන බවට අපේක්ෂා කළ නොහැකි බව ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම පෙන්වා දී තිබේ.

පසුගිය සති කිහිපය තුළ ෆිච් .මූඩිස් හා ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබිණ.

Related post

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඉන් ඩොලර් මිලියන…
ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 371/= දක්වා ඉහළ ‌ගොස් තිබේ. ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ, 356/= ක් ලෙසයි. බ්‍රිතාන්‍යය පවුමක…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *