IMF හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය – ඇමෙරිකා තානාපති
- November 9, 2022
- No Comment
- 80
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මිය පවසනවා. නැගෙනහිර පළාතේ සංචාරයකට එක්වෙමින් තානාපතිවරිය මේ බව කියා සිටියා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් වූ ශ්‍රීලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මියය නැගෙනහිර පළාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමු වුනා. පළාතේ පවත්නා තත්ත්වය මෙන්ම තවත් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කළ බවයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ.