IMF විස්තීරණ ණය පහසුකම සහ එය පිළිබඳව පැහැදිලි කිරීම

IMF විස්තීරණ ණය පහසුකම සහ එය පිළිබඳව පැහැදිලි කිරීම

  • September 2, 2022
  • No Comment
  • 28

ජාත්‍යන්තර මූල්‍ අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අදාල කාර්යය මණ්ඩලය එකඟතාවට එලබීමත් එම එකඟතාවත් සමග එයට අදාළව මහජනතාවට දැනගතයුතු කරුණු කිහිපයක් පැනනැගී ඇත, මේ මුදල් ප්‍රමාණය වහා අපට ලැබෙයි ද? නැත්නම් සිදුවන්නේ කුමක් ද? කවුද මේ IMF? ආදී වශයෙන්.

ලොව රටවල් මුහුණ දෙන විදේශ විනිමය අර්බුද විසඳා ගැනීම සඳහා අධාර උපකාර කරන සංවිධානයක් ලෙස 1945 දී ජාත්‍යන්තර මූල්‍යය අරමුදල අරම්භ කළේ ය.

අරමුදලේ සාමාජික රටවල් ආර්බුදයකට මුහුණ දෙන අවස්ථාවලදී කෙටි කාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යයකි.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයින්ට උපදෙස් හා සහයෝගය දැක්වීම, විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, ආදි තවත් කාර්යන් මේ සංවිධානය ඉටු කරනු ලබයි.

මොකක්ද මේ අපිට දෙන විස්තීරණ ණය පහසුකම?

විස්තීරණ ණය පහසුකමක් කියන්නේ නිශ්චිත කාල රාමුවක් තුළ රටේ විදේශ සංචිත ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කොටස් වශයෙන් ලබාදෙන ණය පහසුකමකි.

දැන් අපිට දෙන්න එකඟවුණ ඩොලර් බිලියන 2.9 ලබාදෙන්නේ අවුරුදු 4 ක කාල සීමාවකටයි.

සාමාන්‍යයෙන් IMF මාස 6 කට වරක් කොටස් වශයෙන් මේ මුදල් මුදා හැරීම සිදු කරනු ලබයි.

කාර්යය මණ්ඩල එකඟතාවක් ඇතිකර ගත් නිසා දැන් වහාම මේ මුදල් ලැබයි ද?

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමට් කියන එක තමයි මේ වැඩසටහනේ කෘෂල් පොයින්ට් එක එක ආවට පස්සේ තමයි ඊළඟට වෙන සමානය කාලයක නම් 16 වතාවක් මීට කළින් වුණේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ආවා කියන්නේ ඊළඟ සති හය තුළ අයිඑම්එෆ් එකට ගිහිල්ලා සල්ලි ටික එනවා. අපේ ඩෙට් සස්ටෙනබල් නැති නිසා එයි එම් එෆ් එකෙන් ත්‍රී බිලියන් ෆොර් බිලියලියන් ලැබෙන්න කලින් අපි ඩෙට් රිස්ට්‍රක්චර් කරලා අපි ඇසුවරන්ස් එකක් ගන්න ඕනේ ක්‍රෙඩිටස්ලාගෙන්  පිට රට ණය ගත්ත අයගෙන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, 

මණ්ඩලීක මට්ටමේ එකඟතාවයේ සිට වැඩසටහන ක්‍රියාවට නැගීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට යෝජනා කිරීම යන කාරණය අතර තවත් කාරණා ගණනාවක් සිදු විය යුතුයි. දැනටමත් ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා බලධාරීන් සමග එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ අතර ශ්‍රී ලංකාව ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ගමන් කරන බව ජත්‍යන්තර මුල්‍ය අරමුදලට එත්තු ගැන්වීම සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සහතිකය මුල්‍ය සහතිය ලෙස අපි හඳුන්වන එම සහතිකය ලබාදීම මෙම මුල්‍ය සහතික කිරීම් ශ්‍රී ලංකාව සහ එහි ණය හිමියන් අතර ඇති කර ගන්නා එකඟතාවයක ප්‍රතිඵලයක් වනු ඇත මෙම ක්‍රියාවලියට කොයිතරම් කාලයක්ගත වේදැයි අපි දන්නේ නෑ. මෙම ක්‍රියාවලියේ කාලය අවම කිරීම සඳහා සහයෝගයෙන් සහ විනිවිදභාවයෙන් වැඩ කිරීමට අපි සියලු දෙනා දිරිමත් කරනවා. එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන හැකි ඉක්මනින් ආරම්භ කිරීමටත් ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ඉදිරියට ගෙනයාමටත් හැකි වන අතර ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාව නැවත ලබා ගැනීමට උපකාරී වනු ඇත. එය ණය හිමියන්ගෙත් අවශ්‍යතාවයයි.

සරලව කිව්වොත් අපි දැන් ද්වීපාර්ශ්වික හා විවෘත වෙළෙඳපොළෙන් ගත් ජාත්‍යන්තර ණය ගෙවන්නේ නැත.

දැන් අපිට ණය දුන්න මේ පාර්ශව සමග ණය ආපසු ගෙවීම පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා එකඟතාවක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි.

ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගන්න අවශ්‍යයි.

අපි දැන් සමාගම් දෙකක් මේ කාර්යයට උපදෙස් ගන්න අපි දැන් පත්කරලා තිබේ.

ඊට අමතරව ජනාධිපතිවරයා ජපානයෙනුත් මේ සඳහා උදව් ඉල්ලා සිටියේ ය.

ජපාන මුදල් ඇමති ෂුනිචි සුසුකි මහතා ඊයේ මේ ගැන සුබවාදී ප්‍රතිචාරයක් පළ කළේ, ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යහගත කරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සියලු රටවල් එක්වන ලෙස ආරාධනයක් කරමිනි.

චීනය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම රටවල් එකට එක්වී ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත් බවත් ජපාන මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, 

මා සඳහන් කළ පරිදි ණය හිමියන්ගෙන් මෙම මුල්‍ය සහතික ලබා ගැනීම අරමුදලේ වැඩසටහනට ඉතාමත් වැදගත්. එය එසේ කළ නොහැකි නම් මෙම අර්බුදය තවත් උග්‍ර වෙන්න පුළුවන්. එයින් ආර්ථිකය තවදුරටත් හැකිලීමෙන් මෙම වැඩසටහන හරහා අපේක්ෂාකරණ පරිදි ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව යථා තත්ත්වයට පත්කළ නොහැකි වෙයි. එය ඇත්ත වශයෙන්ම ණය හිමියන්ගේ බලාපොරොත්තුවත් නොවේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය නැවත තිරසාර කිරීමේ ක්‍රමයක් සොයා ගැනීම සඳහා උපදේශකයින් සමග ණයගැතියා ලෙස ශ්‍රී ලංකාවත් සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපි ණය හිමියන් දිරිමත් කරනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළත් IMF ණය පහසුකම ලබාගන්න ඉතා වැදගත්.

ඔවුන් මේ ගැන ප්‍රසිද්ධ කරපු කරුණු 7 ක් ඇත.

රජයේ ආදයම වැඩිකර ගැනීම, වියදම් සීමා කර ගැනීම සහ සමාජයේ අධිඅවදානම් පුද්ගලයින්ට රැකවරණ සැලසීමට අදාළ කරුණු වගේම අවධාරණය කළ වැදගත්ම කරුණ දූෂණය තුරන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ගැනත් ඔවුන් අවධාරණය කළේ ය.

මේ කරුණු අතර නොතිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා මාධ්‍ය හමුවේදී තවත් වැදගත් කරුණක් අවධාරණය කළේ ය.

ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ, මේ කියන ප්‍රතිසංස්කරණ අනුමත කරන ජනවරමක් ඇති රජයක් පැවතිය යුතු බවයි.

01 – 09 – 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, 

අයිඑම්එෆ් එක පැත්තෙන් ගත්තොත් මෙම එකඟතාවය ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඇතිකරගත් එකක්. අපි ඇවිත් ඉන්නේ අර්බුදයෙන් පීඩාවිඳින ජනතාවට ඉන් ගොඩ ඒමට සහයවීමටත් ඔවුන්ට සෞභාග්‍ය කරා ළඟාවීමටත් සහයවීමට. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දේශාපාලන වාතාවරණය වැදගත්. ඒ නිසා මෙම ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට ජනවරමක් සහිත රජයක් තිබිය යුතුයි. ඒ වගේම සමාජය පැත්තෙන් ඒ ප්‍රතිසංස්කරණවලට සහය ලබාදිය යුතුයි.

ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත සංගමයේ හිටපු සභාපති ආචාර්ය අනුර ඒකනායක,

යතාර්ථය ඔය පනත් සම්මත කරගන්න නම් පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ එකඟතාවක්. අපි තාම දන්නේ නෑ මේ පනත්වලට බහුතරයක් අත උස්සයිද කියලා. මහ බැංකුවේ ස්වාධීනතාව ආරක්ෂාවන පනතක් අවශයයි. මේ යෝජනා අනුව ඊළඟට බැංකු පද්ධතියේ ස්තායිතාව රැකගැනීම සඳහා තවත් පනතක් අවශයයි. ඊටත් වඩා අමාරුවෙන්න පුළුවන් මේ දුෂණය මර්දනය කිරීම සඳහා අවශ්‍ය පනත් සම්මත කරගැනීම ඉතින් දැන් එක පැත්තකින්  ඒ පනත් සම්මත කරගැනීම සඳහා ඒ දේශපාලන පක්ෂවල යම්කිසි එකඟතාවක් නැතුව ලේසියෙන් ඔය පනත් සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.  අනිත්කාරණය තමයි මේ පනත් සම්මත කරගැනීමට විරුද්දව අති විශාල මහජන මතයක් ගොඩගැගුනොත් එහෙම පාර්ලිමේන්තුව කැමති උනත් කොහොමද කරගෙන යන්නේ  ඒ නිසා පීයර් බර්ගේ ඒ කතාව ඇත්ත වශයෙන්ම යතාර්ථයක් ඒකට උත්තර හොයන්න වෙනවා. දැන් ඒක අද තියෙන ආණ්ඩුවට උත්තර හොයන්න පුළුවන්ද කියන එක අපිට බලන් ඉන්න වෙනවා.

මේ සියල්ලෙන් කියවෙන්නේ, කාර්යය මණ්ඩල එකඟතාවක් ඇතිකරගැනීමෙන්ම අයිඑම්එෆ් ණය මුදල් ලැබිලා රටේ ආර්ථිකය වහා යථා තත්ත්වයට පත්වෙන්න ඉඩක් නොමැති බවයි.

අවශ්‍ය වෙනස්කම් කරලා විධායක කමිටුවේ අනුමැතිය ගන්න අවශ්‍යයි.

මේ නිසා අයිඑම්එෆ් කියන වෙනස්කම් කරන්න වැඩියෙන් කැපවීම අත්‍යවශ්‍ය සාධකයකි.

එසේ නොවුනොත් අර්බුදය තවත් අර්බුදයක් කරා යාම හැර වෙනත් විකල්පයක් තිබේදැයි ඇත්තේ සැකයකි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *