IMF අපේක්ෂා කරන මූල්‍ය රක්ෂණාවරණය ගැන හෙට සාකච්ඡා..
- November 2, 2022
- No Comment
- 57
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ(01) පස්වරුවේ Online පැවැත්විය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනු ලැබුවේ හෙට(03) පැවැත්වෙන සාකච්ඡා වටයට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡා වටය පැවත් වූ බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් අතර හෙට(03) ආරම්භ වන සාකච්ඡා වටයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූල්‍ය රක්ෂණාවරණය ලබා දීමේ එකඟතාවකට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.