News

“පාර්ලිමේන්තුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතුයි” – කේ.ඩී. ලාල්කාන්ත

පාර්ලිමේන්තුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. එමෙන් ම, ‍රටේ සමාජ හා දේශපාලන අර්බුද දෙක විසඳන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් පැවැත්විය යුතු බව ද ලාල්කාන්ත මහතා පැවසීය. ඒ අනුව ව්‍යවස්ථාදායකය හා විධායකය යන බලකණු දෙකට ම එරෙහිව එකවර දේශපාලන ප්‍රහාරය
Read More

ජනාධිපති අරමුදලින් පසුගිය වසර දෙකේ අසරණ රෝගීන් කිසිවෙකුටවත් ශතයක්වත් ගෙවා නෑ…

අසරණයින් 7000ක අයදුම්පත් අත්හිටුවලා… දුප්පතුන්ට සහන ලබාදෙන හා වෛද්‍ය ශෛල්‍යකර්ම සඳහා මුදල් ලබා දෙන ජනාධිපති අරමුදලේ තිබූ රුපියල් බිලියන 4ක මුදලක්  ගෙවුණු දෙවසර තුළ භාවිතා වී නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු  සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ඒ අනුව සිදුකරන ලද සැත්කම් සඳහා හෝ යෝජිත සැත්කම් සඳහා මුදල් බලාපොරොත්තු වෙන පුද්ගලයින් 7000කගේ
Read More

“ආර්ථික දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය 30%කින් ඉහළට”

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවට මුහුණ පා සිටින කාන්තාවන්ගෙන් බහුතරයක් රෙදිපිළි අංශයේ රැකියා අහිමි වීම හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට තල්ලු කර ඇතැයි ANI පුවත් සේවය පවසයි. එම පුවත් සේවය පෙන්වා දෙන්නේ, රටේ පෙර නොවූ විරූ අර්බුදය හමුවේ මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතා
Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළදා වඳී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) දින උදේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිවරාගෙන දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.ඔහු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ නගරාධිපති කේසර සේනානයක විසින් ජනාධිපතිවරයා  පිළිගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ සමග රතු පළස මතින් දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.
Read More

ජූලි මාසයේ උද්ධමනය 61% ක්

මේ මාසයේ ආහාර මිල ගණනන් 90.9% කින් ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයට අනුව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ මෙම මාසයේ භාණ්ඩ හා සේවාවල සමස්ත මිල මට්ටම් වැඩිවීම හෙවත් උද්ධමනය 60.8% කි. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, ආහාර
Read More

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදවීම දැඩි ලෙස හෙළා දකී .!

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය. මෙම නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක්
Read More