News

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කලයුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බව මහ බැංකු අධිපතිපවසයි.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළයුතු බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම”
Read More

ජනපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපතිගෙන් කාර්ය සාධක බළකා 08ක් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි. නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන්  ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළඳාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 8ක් මූලික
Read More

සෑම දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතාවයකින් පෙළෙයි – UN

ලංකාවේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි. අවුරුදු 05 ට අඩු දරුවන් මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන
Read More

ජල ගාස්තු ඉහළ දැමීම අද (01) සිට…

ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌ වේ. නව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති. ජල ඒකකයක් ලෙස සැලකෙන්නේ ලීටර් 1000 කි. පැවති මිල ක්‍රමය අනුව ජල ඒකක 15 ක් පරිහරණය කරන සාමාන්‍ය නිවසක ජල බිල රුපියල් 310 කි.
Read More

පසුගිය මාස 3 තුළ පමණක් මිනීමැරුම් 26ක්

පසුගිය මැයි මස 30 වැනි දා සිට මේ දක්වා කාළය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙඩි තබා පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුල් මත එම ඝාතන සිදුව ඇති බවයි. ආසන්නතම සිදුවීම
Read More

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ණයක්..

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුවේය.
Read More