News

ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ තීරණයක්.!

ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.  ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇති.
Read More

රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට..

රාජ්‍ය ආයතන කිහිපයක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ය. ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
Read More

දින දින ගණන් යන ලංකාවේ රත්තරං

අද ලංකාවේ රත්‍රන් මිල ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වේ. ඒ අනුව අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසිනි. *රන් අවුන්ස – රු. 625,544.00 *කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,070.00 *කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,550.00 *කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,240.00 *කැරට්
Read More

ශ්‍රී ලංකාව පූර්ණ කඩාවැටීමක් අභියසද?

ජනතාව කුසගින්න, පුළුල්ව පැතිරුණු මන්දපෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවයට මුහුණ පා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව රටේ ආර්ථික අර්බුදයට දක්වන ප්‍රතිචාරවලට මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ඇතුළත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නව වාර්තාවක් නිකුත් කරමින් අවධාරණය කළේය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ
Read More

ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙට(06) ඉදිරිපත් වෙයි. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද(05) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා
Read More

සනත් නිශාන්තට සිතාසි..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය අද (05) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය. ඒ , ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන්
Read More