News

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නාය අනතුරු ඇගවීම්..!

කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. ඒ අනුව අද (15) පෙරවරු 10.30 දක්වා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ ඒ අවට ප්‍රදේශවලට
Read More

සුබසාධක ප්‍රතිලාභ ආධාර අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනේ අයැදුම් භාරගැනීම ලබන 28 දක්වා දීර්ඝ කර තිබේ. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම අද (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය. එබැවින් සහනාධාර අපේක්ෂාවෙන් සිටින සහ තවමත් අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූවන් සඳහා අවස්ථාව තවමත් විවෘතව පවතින බව ද ජනාධිපති
Read More

වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට

අද (15) පෙරවරු 6.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 174 කි. කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 153 ක් හා වරකාපොළ ප්‍රදේශයෙන් මිලිමීටර් 147 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා
Read More

පිටිගල ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු මිය යයි

පොලීසිය පැවසුවේ, කලුදොල පිටාර ගලා තිබියදී යතුරුපැදියකින් ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එලෙස ජල පහරට හසුවී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, බංගමුකන්ද, ගොඩාමුන පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර පවතින වර්ෂාවත් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. පොලීසිය පැවසුවේ, වෙන්නවත්ත ඇතුළු ප්‍රදේශවල අතුරු මාර්ග එලෙස
Read More

අධික වර්ෂාවත් සමග ජන ජිවිතයට බාධා..!

අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක මාර්ග රැසක් අවහිර වී තිබේ. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම – මතුගම මාර්ගය අඩි එකහාමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවය. මේ හේතුවෙන් සැහැල්ලු
Read More

ඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයි

ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුරේ යහපත සඳහා බව ද ජනාධිපතිවරයා කීය . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong
Read More