News

ළඟදීම වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉවතට

ඉදිරි සති දෙක තුළ රථ වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරත පුද්ගලයින්ගෙන් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගෙන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා
Read More

22 සංශෝධන පනත් කෙටුම්පත ඡන්ද 174 කින් සම්මත වෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මේ අනුව එය 21 වන සංශෝධනය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වනු ඇති. තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 174 ක් ලැබුණු අතර විපක්ෂව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කළේ නැත. දෙවන වර කියවීමේ ඡන්දය අවස්ථාවේ
Read More

බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය.
Read More

ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානය අද(20) තහවුරු කර ගත්තේ ය. ඒ, සුදුසුකම් ලැබීමේ වටයේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගයි. ජීලොන්ග්හි, කාඩිනියා පාක් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට
Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ෆිට්ච් රේටින් (Fitch Ratings) අනාවැකි..

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ තවදුරටත් දීර්ඝව පැවතියහොත් මෙරට පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම සිදු කරන ආයතන, බලශක්ති උත්පාදනය සහ ගොඩනැගිලි කර්න්මාන්තය වඩා ත් බලපෑමට ලක් වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පවසයි. එම ආයතනය පෙන්වා දෙන්නේ, ඉල්ලුමට සහ ලාභයට බලපාන උද්ධමනය, ආනයන සීමා කිරීම් සහ ඉහළ පොළී අනුපාත ශ්‍රී ලංකාව්
Read More

තෙල් සංස්ථාව මාස 03 ක ලාභය රු. මිලියන 13,000 ඉක්මවයි

මූල්‍ය කළමනාකරණය, කාර්යක්ෂමතාවය හා මිල සංශෝධනය යන කරුණු සාක්ෂාත් කර ගැනීම හරහා පසුගිය මාස 03ක කාලය තුළ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. ඒ අනුව පසුගිය ජූලි,
Read More