News

ගුවන් තොටුපොළට ඇතුළු වීම පිළිබද රේගු පනත අලුත් කරයි

රේගුවේ නිලධාරින්ගේ හැසිරීම ගුවන්තොටුපොළ ආරක්ෂාවට තර්ජනයක් ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේද නොතකමින් රේගු නිලධාරින්ට ගුවන් තොටුපොළට ඇතුළු වීමට ඉඩ සලසා දී ඇති රේගු පනත වහාම වෙනස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත. ගුවන් තොටුපොළට ඇතුළුවීම සඳහා ලබාදෙන බලපත්‍රය (Access permit) භාවිත කිරීම රේගු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතුවී තිබේ. හිටපු ජනපති
Read More

විදෙස් ගතවන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහලට

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක් විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ ලියාපදිංචි වී මේ වසර තුළ විදෙස් ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව ඉක්මවා තිබේ. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.
Read More

සතොස භාණ්ඩ සීමා ඉවතට

සතොසෙන් පාරිභෝගිකයින්ට නිවේදනයක් ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඊයේ (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කරයි. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි.
Read More

ශ්‍රී ලංකාවටත් ඩිස්නිලන්තයක් ගේන්න සාකච්ඡා

ඩයනා අලුතෙන් කරන්න යන වැඩේ ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය. “ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න.
Read More

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවයි. එමෙන්ම ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය. ඔක්තෝබර් මස 05
Read More

ඖෂධ හිඟය නිසා රෝහල් අකර්මන්‍යය වෙයි

සැත්කම් කිරීමට නොහැකි තත්වයක් පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබේ. මේ වන විට හෘද රෝග සඳහා ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොළඹ ජාතික රෝහලේ
Read More