News

වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට රැගෙන එනු ලැබී ය.  ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  පැවසුවේ, සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු නැවත රෝහලින් රැගෙන ගිය බවයි. වසන්ත මුදලිගේ මහතා දින 90 ක රැඳවුම් නියෝග මත
Read More

‘මර්දනයට එරෙහි ජනතා විරෝධය’ මරදානෙන් ඇරඹේ

රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ විය.  සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වන සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සහ වෘත්තීය සමිති
Read More

IMF අපේක්ෂා කරන මූල්‍ය රක්ෂණාවරණය ගැන හෙට සාකච්ඡා..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ(01) පස්වරුවේ Online පැවැත්විය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනු ලැබුවේ හෙට(03) පැවැත්වෙන සාකච්ඡා වටයට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡා වටය පැවත් වූ බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් අතර හෙට(03) ආරම්භ වන සාකච්ඡා වටයේදී
Read More

පානදුර පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ….

පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පොලිසිය පැවසුවේ, ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බවයි. පාසල අසල පිහිටි නිවසක වයර් පිළිස්සිමේදී සිසුන්ට එම දුම ආග්‍රහණය වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Read More

බොරැල්ලේ සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID)  විසින්  සිරිසුමන හිමියන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ. සිරිසුමන හිමියන් අත්අඩංගුවට  ගෙන තිබුණේ, තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙනි.
Read More

අද (02) විරෝධතාවට අවසර නොදෙන බව දන්වමින් පොලීසියෙන් ලිපියක්

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.  කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති
Read More