News

රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, “ඉහත සිද්ධිය වාර්තාවීමත් සමග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් මා ඉමහත් කම්පාවට පත්විය. මේ සම්බන්ධයෙන්
Read More

මිල්ලෙනිය විදුහල්පතිනියගේ වැඩ තහනම් කරයි

මිල්ලෙනිය ප්‍රදේශයේ පාසලක දරුවන්ට කෲර ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින එම පාසලේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කරන බව සදහන් කරයි.
Read More

පාස්කු කොමිසමේ සාක්‍ෂි සඟවා සත්‍ය වසන් කිරීම නින්දාවක්

කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ කියති පාස්කු කොමිසමේ නිර්දේශවලට පදනම් වූ හිටපු ජනාධිපතිවරයාට භාරදීමට තිබූ සාක්‍ෂි වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබා ගැනීමට හා සත්‍ය වසන් කිරීමට රජයේ බලධාරීන් කටයුතු කිරීම නින්දාසහගත දෙයක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදතුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කර සිටියේය. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
Read More

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ක්ෂය රෝගය පැතිරෙයි

වතු නිවාසවල ජීවත්වන ජනතාවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිතව ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මෙයට හේතුවී ඇත්තේ එම වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ
Read More

පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරි වීදුරුවක්

පාසල් දරුවන් පාර්ලිමේන්තුවට රැගෙන එන්න ලිඛිතව ඉල්ලන්නලු පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ‍ය. පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය. කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා
Read More

සිසුවිය ‘මවක් ‘ කළ වැරදි වාර්තාව නිසා අසාධාරණයට ලක් වූ දැරියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

ආර්ථික ගැටලු නිසා පාසල් නොයන බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ අවුරුදු 13ක දැරියක ගැන තමන් ජනාධිපති ලේකම්ට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි නොවන බව පසුව දැනගන්නට ලැබුණු බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි BBC සිංහල සේවයට පැවසුවේය. අනියම් සම්බන්ධතාවක් මත අදාළ දැරිය මවක බවත්, ආර්ථික අපහසුතා නිසා පාසල්
Read More