Action කැමරාවක් ගනිද්දි සැලකිය යුතු දෑ…

Action කැමරාවක් ගනිද්දි සැලකිය යුතු දෑ…

  • January 13, 2022
  • No Comment
  • 137

ඇක්ෂන් කැමරා ස්පෝට කැමරා ආදී නම් වලින් හදුන්වන කැමරා අනෙක් කැමරා වලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. බහුල වශයෙන් වීඩියෝ රෙකෝඩින් සඳහාම යොදාගන්නා ඇක්ෂන් කැමරා ලොවේ රජු ලෙස සැලකෙන්නේ ගෝ ප්‍රෝ Go Pro. ගෝ ප්‍රෝ හොඳ මාදිලියේ එකක් ඩොලර් තුන්සියකට එහා මිලක් වෙනවා. ලංකාවෙන් මිලදී ගන්නවා නම් ගෝ ප්‍රෝ මෑතකදී නිකුත් වුණු අලුත් මාදිලියක එකක් රුපියල් 45,000 සිට මිලදී ගන්නට හැකියාව තිබෙනවා.

 

1. ලාබ ඇක්ෂන් කැමරා

Action camera buying guide

ලංකාවේ තිබෙන බඩු භාණ්ඩ අලෙවි කරන අඩවි වල වගේම ලෝ පතල ඇමසන්, ඊබේ, අලිඑක්ස්ප්‍රස්, ගියර්බෙස්ට්, ආදි වෙබ් අඩවිවල ඇමරිකානු ඩොලර් 50-100 මිල ගණන් වලටද ඇක්ෂන් කැමරා තිබෙනවා. ගෝ ප්‍රෝ එක හා සමානවම විශේෂාංග තිබේ යැයි සඳහන් කරන එම චීන ස්පෝට් කැමරාවල ඒ කියන තරම්ම කොලිටියක් තිබේද? ඇත්තටම ඇක්ෂන් කැමක් ගද්දි මොනාද අපි සොයාබලන්නට ඕනා. අපි ඒ ගැන විස්තර ටිකක් දැනකියාගමු.

 

2. කැමරාවේ ඇතුල

Action camera buying guide

Source – youtube.com

කැමරාවක අභ්‍යන්තරයේ පවතින ඉමේජ් සෙන්සරය, එහි ඇති ලෙන්සය සහ මූලික වශයෙන් කැමරාව තුල වූ ඉමේජ් ප්‍රොසසරය හාඩ්වෙයාර් පැත්තෙන් කැමරාවක තත්වය වැඩිදියුණු කරන්නට දායක වෙනවා. මෘදුකාංග දෙසින් ගතහොත් ඇක්ෂන් කැමරාවක වුවත් ඇතුලත ඇති මෘදුකාංගය සහ එය ෆෝන් එකට සම්බන්ධවන මෘදුකාංගත් එහි තත්වය කෙරෙහි බලපානවා.

කැමරාවක් ගන්නට පෙර අපි බලන තාක්ෂණික දත්ත වල (Technical Spec) මිලෙන් වැඩි සෝනි කැමරා සෙන්සර් සහ ජනප්‍රිය නාමවල ඉමේජ් ප්‍රොසසර ඇතුලත් වේයැයි සඳහන් වුවත් සමස්ථයක් ලෙස කැමරාව මෙහෙයවන මෘදුකාංගය ප්‍රබල එකක් නොවේ නම් කැමරාවෙන් අපිට ඕනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ගැස්සෙන වටපිටාවකදි පිංතුර හෝ විඩියෝ ස්ථාවර කිරීම, වර්ණ නිවැරදිව නිරූපණය කිරීම, ආලෝකය අඩු මට්ටමේදිත් හොද ඡායාරූප ලබාදිම ආදී කාරණා රැසකට කැමරාව අභ්‍යන්තරයේ ඇති හාඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වල තත්ත්වය බලපානවා.

 

3. පිංතුර සහ විඩියෝ කොලිටිය

Action camera buying guide

Source – nofilmschool.com

කැමරාවක තත්වය මැන බැලීමේදි කොපමණ තාක්ෂණික දත්ත තිබුණත් එහි සාම්පල් පොටෝ සහ වීඩියෝ බලලාම කැමරාවේ තත්වය ගැන තීරණය කිරීම හොඳ පුරුද්දක්. වෙළඳ දැන්විම් වල පෙන්වනවාට වඩා සැබෑ තත්වය වෙනස්විය හැකි අවස්ථා බොහෝමයි. අඩු ආලෝකයේදී විඩියෝ පිංතුර කොහොමද? ගැස්සෙන පැද්දෙන අවස්ථාවලදී පිංතුර වීඩියෝ කොහොමද කියලා බලලා කැමරාවක් ගන්න එක ඇක්ෂන් කැමරාවකදි පමණක්නොවෙයි අලුත් ෆෝන් එකක් මිලදී ගනිද්දි ෆෝන් කැමරාව චෙක් කරගන්නත් හොඳ පිටුවහලක් වේවි.

 

4. ජල රෝධක ගැස්සීමට ඔරොත්තු දිම

Action camera buying guide

Source – aliexpress.com

ඇක්ෂන් කැමරාවක් කියන්නේම විවිධ ඇක්ෂන් වැඩකිඩ රූපරාමුවලට හසුකරගන්න තිබෙන බඩුවක්. ඉතිං එහෙව් බඩුව ඒ  හැම ඇක්ෂන් එකක්ම හසුකරගන්න පුලුවන් විදියට හැදිලා තිබෙන්නට ඕනි. ගෝ ප්‍රෝ අලුත් කැමරා නම් ඕනි වෙලාවක මීටර 10කට අඩු වතුරේ ඔබන්නට හැකි නිසා ඕනි මහ වැස්සක පාරේ අරං යන්නට හැකියි. ඒ වගේම ගැස්සිම් පැද්දීම් සීරීම් තෙරපීම් ආදී පිටතින් ඇතිවන බලපෑම් වලදීත් ආරක්ෂාව සැලසෙනවාද කියලාත් ඇක්ෂන් කැමරාවක් ගැනීමේදී සැලකිලිමත් වන්නට ඕනා. ටිකක් මිල අඩු කැමරා වලදී සාමාන්‍ය ඇක්ෂන් කැමරාව තිබෙන ආකාරයෙනුත් තදබල ගැස්සෙන තෙමෙන තෙරපෙන ඇක්ෂන් තවත් කවරයකට බහාලීමෙන් අනතුරුවත් රූගත කරන්නට අවස්ථාව ලැබෙනවා. ගෝ ප්‍රෝ එක්ක බැලුවාම අනෙක් කැමරා කවරයක් දාගෙන ඇක්ෂන් ගන්න සිදුවීම තරමක කරදරයක් වුනත් මිල මට්ටම අනුව බැලුවාම ටිකක් හොඳ චීන මාදිලියක් කවර දෙක තුනක් දාගෙන පාවිච්චි කළත් ලාබයි.

 

5. වීව් ෆයින්ඩර් එක

Action camera buying guide

ඇක්ෂන් කැමරාව ල මීට අවුරුදු දෙක තුනකට පෙර තිරයක් තිබුණේ නැහැ. එහි තිරය වෙනුවට මොබයිල් ෆෝන් එකක ඇප් එකකින් පමණක් එහි දර්ශන නැරඹීම එදා සිදු කළා. දැන් ඇක්ෂන් කැමරාවලට තිරයක් එනවා. නවතම වැඩිදියුණු කළ ඇක්ෂන් කැමරාවල පෙරට වඩා ඒවායේ ඡායාරූපවල තත්වය ඉහලයි. එනම් සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයක කැමරාවට වඩා ඉහල වූද ඩී ඇස් ආර් කැමරාවකඩා වඩා අඩු වූද මැද මට්ටමේ ඡායාරූප හොඳ මට්ටමේ ඇක්ෂන් කැමරාවකින් ලබාගැනීමේ හැකියාව අද වනවිට ලැබී තිබෙනවා. ඡායාරූප ගැනීමේ පහසුව එක්ක ඡායාරූපය හරියට පෙනීමට අපිට තිර කොටස වැදගත්. ඊට අමතරව ෆෝන් එකක් නොමැතිව වුවත් ඒ ටච් ස්ක්‍රීන් එක ආධාරයෙන් කැමරාවේ යෙදවුම් වෙනස් කරන්නටත් හැකියාව තිර කොටසින් ලැබී තිබෙනවා. කැමරාවක් ගනිද්දි මේ වීව් ෆයින්ඩරය තිබේද? එහි තත්වය මොනාද  සහ එහි හැසිරවීම ලේසිද කියලා පොඩ්ඩක් බලන්න හැකිනම් හොදයි.

 

6. බැටරි බලය

Action camera buying guide

Source – elproducente.com

මුල් කාලයේ පැමිණි Xiaomi Yi 1 ඇක්ෂන් කැමරාව එවකට තිබුණු කැමරා අතර ගෝ ප්‍රෝ වලට අභියෝගයක් කල හැකි මට්ටමේ සුපිරි කැමරාවක් වුණා. එහෙත් ඒ කැමරාවේ බැටරි බලය නම් කිසිසේත්ම සතුටුදායක උනේ නැහැ. Xiaomi Yi 1 මිලදී ගත් මුල්ම කාලයේ පවා කැමරා බැටරියෙන් විනාඩි 20-30කට වඩා විඩියෝ කරගන්නට අවස්ථාව ලැබුනේ නැහැ. දැන් ස්පෝට් කැමරාවල බැටරි වැයවන ප්‍රමාණය අඩුකොට තිබෙනවා වගේම තරමක් විශාල බලයෙන් යුතු සැහැල්ලු බැටරියක්ද  අන්තර්ගත වෙනවා.

 

7. උපාංග

ඇක්ෂන් කැමරාව හෙල්මට්ටුවේ, කාර් එකේ ස්ක්‍රින් එකේ, මෝටර් සයිකලයේ හැඬල් එකේ, සර්ෆ් කරන බෝඩ් එකේ. සුරතලාගේ පිටේ, අපේ බඩේ අතේ කකුලේ ආදී ඕනෑම තැනක අටවාගෙන වීඩියෝ හෝ සේයාරූ ගන්නට හැකි කදිම කුඩා කැමරාවක්. ඉතිං ඒ හැමදේටම අවශ්‍ය කරන මවුන්ට් තිබෙනවා. කැමරාවක් ගනිද්දි ඒකට කවර, මවුන්ට්, ආවරණ ආදිය පහසුවෙන් මිලදි ගන්නට තිබෙනවාද යන්නත් සොයාබැලීම වැදගත්. ගෝ ප්‍රෝ එකට එන මවුන්ට් එකට සරිලන ලෙස බොහෝ කැමරා නිර්මාණය කරනවා. එම නිසා කැමරාව තරමක් වෙනස් මාදිලියක් නොවනවා නම් මවුන්ට් කරගැනිමේ ලොකු ගැටලුවක් නම් එන්නේ නැහැ.

 

8. ඇක්ෂන් කැමේ වටිනාකම

Action camera buying guide

අලංකාර පිංතූර දැක හෝ විඩියෝ දැක විශාල කැමරා මිලදි ගත්තත් බොහෝ අය ත්‍රාසජනක, කඳු ගමන්, ජලය මත බෝට්ටු ගමන්, බයිසිකල් සවාරි, ආදී ගමන් වලට විශාල කැමරා රැගෙන යන්නේ නැහැ. මන්ද විශාල කැමරාවටත් අපිටත් එසේ අනතුරුදායක තැන්වලට කැමරාව රැගෙන යෑම හිරිහැරයක්. ඒ සඳහා තිබෙන හොඳම ඔප්ෂන් එකක් තමයි ඇක්ෂන් කැමරා. ඇක්ෂන් කැමරාවක් ගනිද්දි ගෝ ප්‍රෝ අලුත්ම එකක මට්ටමටම අපිට යන්නට හැකිනම් මරු..ඒකපට්ට. ඒත් සූටි ඇක්ෂන් කැමක් වෙනුවෙන් ගෙඩිපිටින් ඩොලර් තුන්සියක්  වැය කරන්නට හිත දෙන්නේ නැති අයත් බොහෝ සිටිනවා.  ටිකක් හොඳට හොයලා බලලා චීන කැමරාවක් ගතහොත් අපේ ඇක්ෂන් වැඩකිඩ ගොඩක් අපිට යාලුවො එක්ක බෙදාගන්නත් පස්සෙ කාලෙක බලන්න මතක සටහන් විදියට තියාගන්නත් අපිට හැකියාව ලැබේවි.

Thanks to Lifie

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *