පාස්කු කොමිසමේ සාක්‍ෂි සඟවා සත්‍ය වසන් කිරීම නින්දාවක්

පාස්කු කොමිසමේ සාක්‍ෂි සඟවා සත්‍ය වසන් කිරීම නින්දාවක්

  • November 9, 2022
  • No Comment
  • 46

කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ කියති

පාස්කු කොමිසමේ නිර්දේශවලට පදනම් වූ හිටපු ජනාධිපතිවරයාට භාරදීමට තිබූ සාක්‍ෂි වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබා ගැනීමට හා සත්‍ය වසන් කිරීමට රජයේ බලධාරීන් කටයුතු කිරීම නින්දාසහගත දෙයක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදතුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කර සිටියේය.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට තිබෙන ප්‍රකාශනයේ, භාෂණයේ සහ සාමකාමී විරෝධතා දැක්වීමේ නිදහස රජය මගින් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කරමින් සිටින බව කිව යුතු වේ. මෙහිදී රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස යොදා ගනිමින් සමාජ ක්‍රියාකාරී නායකයන් සහ සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ගෙන යන දුර්දාන්ත වැඩපිළිවෙල අපි තරයේ හෙළා දකිමු.

මෙලෙස අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහත්මා සහ අන්තර් විශ්වවිiාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව මේ වන විට දින 75 ක් අසාධාරණ ලෙස රඳවා තබාගෙන සිටීම කිසිදු ලෙසකින් අපට පිළිගත නොහැකිය. මේ වනවිට ඔවුන් දෙදෙනාම රෝගී තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වෙයි.

ඒ සමගම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නීතිපතිතුමාගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙළ ජනතාව මුලා කරන නාටකයක් පමණක් වන බව අපගේ හැඟීමයි නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කොමිසම මගින් තමන්ට ලබාදී ඇති පැහැදිලි නිර්දේශ ක්‍රියාත්මක නොකර, දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරමින් ගෙනයන මෙම වැඩපිළිවෙළ අපි තරයේ හෙළා දකින බව ප්‍රකාශ කරමු.

මේ තත්ත්වය ඇත්තෙන්ම අවාසනාවන්තය. එය නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්තියට හා ස්වාධීනත්වයට නිගාවකි. මේ වනවිට පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ තුළ ඇතැමුන් නම්කරනු ලැබ ඇතත් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට එම දෙපාර්තමේන්තුව මැළිවීම අපට කිසිසේත් පිළිගත නොහැකි දෙයකි.

ජනාධිපති කොමිසමේ සාක්‍ෂි සහිත වෙළුම් විනිවිදභාවය සුරකමින් ජනතා දැන ගැනීම සඳහා වහාම නිදහස් කරන ලෙසත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ එනම් පුරවැසියන් 272 කගේ ජීවිත විනාශ කළ, 500 කට අධික පිරිසකට තුවාල සිදු කළ එයින් සමහරුන් සදා කාලයටම ආබාධිතයන් බවට පත්කළ මේ කුරිරු මිනීමැරුම පිටුපස ඇති බලවේග සාධාරණ හා විනවිදභාවයෙන් යුතුව සොයා යන්නට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් රජයේ බලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවට අපි දැනුම් දී සිටිමු.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *