සතුන්ගෙන් සිදුවන හානි පිලිබඳ අංගසම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක්..

සතුන්ගෙන් සිදුවන හානි පිලිබඳ අංගසම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක්..

  • November 9, 2022
  • No Comment
  • 38

වාර්ෂිකව මෙරට වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිලිබඳ අංගසම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරික්ෂණ හා පුහුණු ආයතනය සිදු කළ සමීක්ෂණ වාර්තාවකුයි මෙසේ භාරදෙනු ලැබුවේ.

ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ භෝගවලට වැඩිපුරම හානි කරනු ලබන්නේ වන සත්ව විශේෂ  6 දෙනෙකි.

ඒ අලියා, මොනරා, රිලවා, වඳුරා, වල් ඌරා හා දඬු ලේනායි.

මෙම සතුන්ගෙන් සිදු වන වගාහානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියටට 40 ක් පමණ විනාශ වනවා.

වගාව සදහා බෝග වැපිරීමේ සිට අස්වැනන් නෙලාගන්නා අවස්ථාව දක්වා වැඩිම විනාශයක් සිදු කරන්නේ මොනරුන් විසිනුයි.

අදාළ සමීක්ෂණය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරික්ෂණ හා පුහුණු ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනුයි සිදුකර ඇත්තේ.

මෙරට වගාවන්ට වන සතුන්ගෙන් සිදු වන වගා හා හා එයින් ආර්ථිකයට සිදු වන බලපෑමපිළිබද සමීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ආයතනය උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම වාර්තාව ලබාදීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාද එක්ව සිටියා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *