කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

  • November 9, 2022
  • No Comment
  • 44

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම ස්ථාපිත කෙරුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමාගමේ සංචිතය සැකසී ඇත්තේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන්ස් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් පිළිවෙළින්  සියයට පනස් එක, සියයට තිස්හතරක හා සියයට පහළොවක් ලෙස කොටස් ආයෝජනය කිරීමෙනි.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. අද ආරම්භ වූ පළමු අදියර යටතේ මීටර් 800 කින් යුත් පර්යන්තයේ ඉදිකිරීම සිදුවනවා.

මීට අමතරව ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර18 ක් එක් කිරීම ස්වයිංක්‍රීය ගේට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, දත්ත විශේලේෂණ පද්ධතියක් ආරම්භ කිරීම ඇතුළු කටයුතු රැසක් සිදු කිරිමට නියමිතයි.

මෙම පර්යන්තය ඉදිකිරීමත් සමග කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන අතර එය මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් සපයනු ඇති.

නව සමාගම ස්ථාපිත කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, අදානි හා ජෝන්ස් කීල්ස් සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *