රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී

රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී

  • November 7, 2022
  • No Comment
  • 41

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන්   සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (8) දවස පුරා  පැවැත්වේ.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂය විසිනි.

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්  හෙට(9)  විවාද කර සම්මත කර ගැනීමට  නියමිතය.

අධිකරණ අමාත්‍යාවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමට  නියමිත සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ  1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 03ක් අනිද්දා (10) විවාදයට ගෙන සම්මත කර ගැනේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *