ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවේ..!

ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවේ..!

  • November 7, 2022
  • No Comment
  • 26

ඉන්ධන කෝටාවත් වැඩි වෙයි

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර එය සාධාරණ නොවන බවට ඉන්ධන පිරවුම්හල්හිමියන් සහ බෙදුම්කරුවන් චෝදනා කරයි.

එම තත්ත්වය හමුවේ ඉන්ධන මිල අඩුවීමක් සිදුවන බවට අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමට ද ඉන්ධන පිරවුම්හල් හිමියන් පසුගිය දිනවල කටයුතු කිරීම තුළ ඉන්ධනහල් රැසක ඉන්ධන නොමැති වීම සහ පෝලිම් පවතින ආකාරය ද දක්නට ලැබුණි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පසුගිය පළමුවනදාට සිදුකළ යුතු ඉන්ධන මිල සංශෝධනය සිදුනොවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්ධන ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් පියවර ගත්තේය.

ඒ අනුව, ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවුවද ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ නැංවීම පිළිබඳ ප්‍රසාදය පළකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.

මේ අතර බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩිකළ අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක වෙයි.

ඊට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

කෙසේවෙතත් බොහෝ පිරිසක් චෝදනා කරන්නේ අද දිනයේදී දත්ත පද්ධතිය යාවත්කාලීන නොවීමෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව ලබාගැනීමට නොහැකි වූ බවය.

ත්‍රීරෝද රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් පහේ සිට දහය දක්වා වැඩි කිරීමට පසුගියදා තීරණය කෙරුණු අතර එය අදියර කිහිපයක් ඔස්සේ දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

www.wptaxi.lk වෙබ් අඩවිය ඔස්සේ බස්නාහිර පළාතේ 9,000කට ආසන්න ත්‍රිරෝද රථ ප්‍රමාණයක් සහ පොලිස් ස්ථානවල 16,000කට අධික ත්‍රිරෝද රථ ප්‍රමාණයක් ඊයේ වනවිට ලියාපදිංචි වී තිබුණි.

කෙසේ වෙතත් ඇතැම් ත්‍රීරෝද රථ හිමියන් පවසන්නේ ලියාපදිංචි වූවද ඊට අදාළ ඉන්ධන කෝටාව ඉහළ නැංවීමේ QR දත්ත පද්ධතිය යාවත්කාලීන වී නොමැති බවය.

මේ අතර ප්‍රදේශ කිහිපයක පිරවුම්හල් අසල අදත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබුණි.

කෙසේ වෙතත් පිරවුම්හල් හිමියන් ඇණවුම් නිසි පරිදි සිදුනොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *