Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

ජනපති ලෝක නායකයන් හමුවෙයි…

ජනපති ලෝක නායකයන් හමුවෙයි…

  • November 7, 2022
  • No Comment
  • 35
 

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා ඇතුළු නායකයින් රැසක් හමුවිය හමුවිය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා  (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු විය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහඳ සාකච්ඡා පැවැත්වීය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

ජනපති සහ කොරියාවේ විශේෂ ජනාධිපති නියෝජිතවරිය අතර හමුවක්

ජනපති සහ කොරියාවේ විශේෂ ජනාධිපති නියෝජිතවරිය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Na Kyung-won මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) අතරතුරදී මෙම හමුව සිදුව ඇත.

Na Kyung-won කොරියානු ජනරජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මෙන්ම විශේෂ ජනාධිපති නියෝජිතවරියයි.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරදී  ඊයේ( 6) සිට 18 දා තෙක් මෙම සමුළුව පැවැත්වෙි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *