මිල්ලනිය පාසලක 5 වසර සිසුන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණයක්..

මිල්ලනිය පාසලක 5 වසර සිසුන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණයක්..

  • November 7, 2022
  • No Comment
  • 32

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවය.

ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරියක් විසින් ළමුන් පුස්තකාලය වෙත රැගෙන ගොස් පහර දී තිබුණු බවට වාර්තා වෙයි.

අනතුරුව එම ළමුන් පිරිස පොලිස් නිලධාරින් පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ, විදුහල්පතිනියගේ දැනුම්දීම අනුවයි.

පොලීසිය වෙත රැගෙන යන අතරතුර ජීප් රථයේදී ළමුන් තුන් දෙනෙකුට විදුලි සැර වැදී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඒ අයුරින් ළමුන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා සිය පොලිස් ඒකකය භාරයට ගත් බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *