ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය: උඩුවේ ධම්මාලෝක හිමියන්ට උසාවියෙන් නියෝග

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය: උඩුවේ ධම්මාලෝක හිමියන්ට උසාවියෙන් නියෝග

  • November 3, 2022
  • No Comment
  • 49

අලුයම 5.00 – 6.00 ත් අතර කාලය තුළදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් සිදුකරන මහජන පීඩාවන් වහාම නතර කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නුගේගොඩ ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමිපාණන්ට නියෝග කළා ය.

පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයන්ට පටහැනිව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නේ නම් වහාම විහාරාධිපති හිමියන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය කිරුළපන පොලිස්පතිවරයාට එමගින් වැඩිදුරටත් නියෝග කළාය.

තමන්ට සිදුවන දැඩි ශාරීරික හා මානසික අපහසුතා පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් විහාරාධිපති හිමයන්ට පැමිණිලි කර ඇතත් ඒ පිළිබඳව සාධාරණ සහනයක් නොලැබීම නිසා කිරුළපන පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් පොලිසිය ද සාධාරණයක් ඉෂ්ට කිරීමට අසමත් වීම නිසා ඒකී පීඩාවට විත්තිකරු පමණක් නොව, පොලිසිය ද වගකිවයුතු යැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය.

මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2016 වසරේදී ගොනු කර තිබූ එම පැමිණිල්ල සම්බන්ධයෙන් පුරා වසර හයකට ආසන්න කාලයක් අධිකරණය හමුවට ඉදිරිපත් වූ සාක්ෂි ලේඛන දිවුරුම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම කාලය තුළදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ප්‍රදේශවාසීන්ට පීඩාවක් සිදුවන බවට නිගමනය කරමින් එම නියෝගය කළාය.

දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට, රෝගීන්ට විවේක ගැනීමට හා බාල මහලු ඕනෑම අයෙකුට සුව නින්දක් ලබාගැනීමට පරම අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකාව විවිධ ජාතීන්ගෙන් සමන්විත විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රියාත්මක වන රටක් බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

සෑම පුද්ගලයකුටත් තමා කැමැති ආගමක් ඇදහීමේ අයිතිය පැවැතිය ද එම අයිතිය පරම හා නියත එකක් නොවන බවත් එය මහජන අයිතීන් හා ගැටෙනවිට සීමාවන්ට යටත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නඩු තීන්දු මගින් ද පෙන්වාදී ඇතැයි ද මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

රටේ මූලික නීතියට අමතරව ඇති නීති අණපනත් හා රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමට සෑම පුරවැසියකුම බැඳී සිටින බවත් සෑම පුරවැසියකුම තමන් අදහන ආගම හා සංස්කෘතිය කුමක් වුවත් ආගමික කටයුතුවල දී භාවිත කරන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තවත් පුරවැසියකුට යම් හෝ ශාරීරික හෝ මානසිකක පීඩාවක් ගෙන දෙන්නේ නම් ඒවා භාවිත කිරීමෙන් වැළකී සිටිය බව ඉහත දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු මගින් පෙන්වාදී ඇතැයි ද මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුව මගින් වැඩිදුරටත් සනාථ කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *