ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වුණොත් IMF එකඟතා ජනවාරි තෙක් කල්යා හැකියි – ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වුණොත් IMF එකඟතා ජනවාරි තෙක් කල්යා හැකියි – ජනපති

  • November 1, 2022
  • No Comment
  • 28

චීනය හා ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය  ප්‍රමාද වුවහොත් IMF අධ්‍යක්ෂ මණ්ඩලය සමග එකඟතා ඇතිකර ගැනීම ජනවාරි මාසය දක්වා කල් යනු  ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

ජනාධිපතිවරයා ඊයේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම  අමතමින් ජනාධිපතිවරයා පැවසුුුවේ,ප්‍රථමයෙන්  බංකොළොත්භාවයෙන් මිදිය හැහි බවට  සහතික විය යුතු බවයි.

”මම දැනටමත් ජපානය සමග සාකච්ජා පටන් අරන් තියන්නේ. දැන් චීනය හා ඉන්දියාව සමග අපිට මේ ප්‍රශ්නය විසඳන්න පොදු මතයකට එන්න නම් රටවල් දෙකටම බලපාන ද්විපාර්ශ්වික කාරණා ගැන සාකච්ජා කරන්න ඕන. මේ ක්‍රියාවලිය දැන් අනුගමනය කරමින් ඉදිරියට යන්න ඕන. එහෙම වුණොත් අපිට ගිවිසුමකට එන්න පුළුවන් දෙසැම්බර්  වෙනකොට. ඒ කියන්නේ නොවැම්බර් මැද අපි එකඟතාවට ඇවිල්ලා IMF අධ්‍යක්ෂ මණ්ඩලයට යන්න ඕන දෙසැම්බර් මාසේ මැද  වෙනකොට” 

තවද ජනාධිපතිවරයා පවසන්නේ, කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු  චීනය මේ පිළිබඳව  අවධානය යොමු කරනු ඇති බවයි.

 ”චීනය මේ ගැන අවධානය යොමු කරන්නේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන්  පස්සේ. එහෙම වුණොත් අපිට ඉලක්ක කරන්න වෙන්නේ ජනවාරි වෙනකොට එකඟතාවකට එන්න. ඒක තමා අපේ අරමුණ. අපි පෙන්වන්න ඕන අපිට අවශ්‍ය ආදායම දැන් තියෙනවා කියලා. එතැනින් පටන් අරන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට සහතික කරන්න පුළුවන් ඉදිරි වසරේ දී මේක මීට වඩා සාර්ථකව කරන්නේ කොහොමද කියන එක”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *