විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි

විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි

  • October 31, 2022
  • No Comment
  • 34

ද්විත්ව  පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (31) පෙරවරුවේ  සටහන්  කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.

විසි දෙවැනි   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්  අගෝස්තු මස 10  වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස  20 සහ 21 යන දිනවල පැවැත්විණ.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.  අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන්  අනතුරුව පැවැති තෙවනවර කියවීමේ  ඡන්ද විමසීමේදී  ඊට පක්ෂව ඡන්ද 174 ක්ද  විපක්ෂව  ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ  විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  මහතාද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂානී රෝහණධීර  මහත්මියද සහභාගීවූහ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *