Action කැමරාවක් ගනිද්දි සැලකිය යුතු දෑ…
- January 13, 2022
- No Comment
- 154
ඇක්ෂන් කැමරා ස්පෝට කැමරා ආදී නම් වලින් හදුන්වන කැමරා අනෙක් කැමරා වලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. බහුල වශයෙන් වීඩියෝ රෙකෝඩින් සඳහාම යොදාගන්නා ඇක්ෂන් කැමරා ලොවේ රජු ලෙස සැලකෙන්නේ ගෝ ප්‍රෝ Go Pro. ගෝ ප්‍රෝ හොඳ මාදිලියේ එකක් ඩොලර් තුන්සියකට එහා මිලක් වෙනවා. ලංකාවෙන් මිලදී ගන්නවා නම් ගෝ ප්‍රෝ මෑතකදී නිකුත් වුණු අලුත් මාදිලියක එකක් රුපියල් 45,000 සිට මිලදී ගන්නට හැකියාව තිබෙනවා.
1. ලාබ ඇක්ෂන් කැමරා
2. කැමරාවේ ඇතුල
කැමරාවක අභ්‍යන්තරයේ පවතින ඉමේජ් සෙන්සරය, එහි ඇති ලෙන්සය සහ මූලික වශයෙන් කැමරාව තුල වූ ඉමේජ් ප්‍රොසසරය හාඩ්වෙයාර් පැත්තෙන් කැමරාවක තත්වය වැඩිදියුණු කරන්නට දායක වෙනවා. මෘදුකාංග දෙසින් ගතහොත් ඇක්ෂන් කැමරාවක වුවත් ඇතුලත ඇති මෘදුකාංගය සහ එය ෆෝන් එකට සම්බන්ධවන මෘදුකාංගත් එහි තත්වය කෙරෙහි බලපානවා.
කැමරාවක් ගන්නට පෙර අපි බලන තාක්ෂණික දත්ත වල (Technical Spec) මිලෙන් වැඩි සෝනි කැමරා සෙන්සර් සහ ජනප්‍රිය නාමවල ඉමේජ් ප්‍රොසසර ඇතුලත් වේයැයි සඳහන් වුවත් සමස්ථයක් ලෙස කැමරාව මෙහෙයවන මෘදුකාංගය ප්‍රබල එකක් නොවේ නම් කැමරාවෙන් අපිට ඕනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ගැස්සෙන වටපිටාවකදි පිංතුර හෝ විඩියෝ ස්ථාවර කිරීම, වර්ණ නිවැරදිව නිරූපණය කිරීම, ආලෝකය අඩු මට්ටමේදිත් හොද ඡායාරූප ලබාදිම ආදී කාරණා රැසකට කැමරාව අභ්‍යන්තරයේ ඇති හාඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වල තත්ත්වය බලපානවා.
3. පිංතුර සහ විඩියෝ කොලිටිය
කැමරාවක තත්වය මැන බැලීමේදි කොපමණ තාක්ෂණික දත්ත තිබුණත් එහි සාම්පල් පොටෝ සහ වීඩියෝ බලලාම කැමරාවේ තත්වය ගැන තීරණය කිරීම හොඳ පුරුද්දක්. වෙළඳ දැන්විම් වල පෙන්වනවාට වඩා සැබෑ තත්වය වෙනස්විය හැකි අවස්ථා බොහෝමයි. අඩු ආලෝකයේදී විඩියෝ පිංතුර කොහොමද? ගැස්සෙන පැද්දෙන අවස්ථාවලදී පිංතුර වීඩියෝ කොහොමද කියලා බලලා කැමරාවක් ගන්න එක ඇක්ෂන් කැමරාවකදි පමණක්නොවෙයි අලුත් ෆෝන් එකක් මිලදී ගනිද්දි ෆෝන් කැමරාව චෙක් කරගන්නත් හොඳ පිටුවහලක් වේවි.
4. ජල රෝධක ගැස්සීමට ඔරොත්තු දිම
ඇක්ෂන් කැමරාවක් කියන්නේම විවිධ ඇක්ෂන් වැඩකිඩ රූපරාමුවලට හසුකරගන්න තිබෙන බඩුවක්. ඉතිං එහෙව් බඩුව ඒ හැම ඇක්ෂන් එකක්ම හසුකරගන්න පුලුවන් විදියට හැදිලා තිබෙන්නට ඕනි. ගෝ ප්‍රෝ අලුත් කැමරා නම් ඕනි වෙලාවක මීටර 10කට අඩු වතුරේ ඔබන්නට හැකි නිසා ඕනි මහ වැස්සක පාරේ අරං යන්නට හැකියි. ඒ වගේම ගැස්සිම් පැද්දීම් සීරීම් තෙරපීම් ආදී පිටතින් ඇතිවන බලපෑම් වලදීත් ආරක්ෂාව සැලසෙනවාද කියලාත් ඇක්ෂන් කැමරාවක් ගැනීමේදී සැලකිලිමත් වන්නට ඕනා. ටිකක් මිල අඩු කැමරා වලදී සාමාන්‍ය ඇක්ෂන් කැමරාව තිබෙන ආකාරයෙනුත් තදබල ගැස්සෙන තෙමෙන තෙරපෙන ඇක්ෂන් තවත් කවරයකට බහාලීමෙන් අනතුරුවත් රූගත කරන්නට අවස්ථාව ලැබෙනවා. ගෝ ප්‍රෝ එක්ක බැලුවාම අනෙක් කැමරා කවරයක් දාගෙන ඇක්ෂන් ගන්න සිදුවීම තරමක කරදරයක් වුනත් මිල මට්ටම අනුව බැලුවාම ටිකක් හොඳ චීන මාදිලියක් කවර දෙක තුනක් දාගෙන පාවිච්චි කළත් ලාබයි.
5. වීව් ෆයින්ඩර් එක
6. බැටරි බලය
මුල් කාලයේ පැමිණි Xiaomi Yi 1 ඇක්ෂන් කැමරාව එවකට තිබුණු කැමරා අතර ගෝ ප්‍රෝ වලට අභියෝගයක් කල හැකි මට්ටමේ සුපිරි කැමරාවක් වුණා. එහෙත් ඒ කැමරාවේ බැටරි බලය නම් කිසිසේත්ම සතුටුදායක උනේ නැහැ. Xiaomi Yi 1 මිලදී ගත් මුල්ම කාලයේ පවා කැමරා බැටරියෙන් විනාඩි 20-30කට වඩා විඩියෝ කරගන්නට අවස්ථාව ලැබුනේ නැහැ. දැන් ස්පෝට් කැමරාවල බැටරි වැයවන ප්‍රමාණය අඩුකොට තිබෙනවා වගේම තරමක් විශාල බලයෙන් යුතු සැහැල්ලු බැටරියක්ද අන්තර්ගත වෙනවා.
7. උපාංග
ඇක්ෂන් කැමරාව හෙල්මට්ටුවේ, කාර් එකේ ස්ක්‍රින් එකේ, මෝටර් සයිකලයේ හැඬල් එකේ, සර්ෆ් කරන බෝඩ් එකේ. සුරතලාගේ පිටේ, අපේ බඩේ අතේ කකුලේ ආදී ඕනෑම තැනක අටවාගෙන වීඩියෝ හෝ සේයාරූ ගන්නට හැකි කදිම කුඩා කැමරාවක්. ඉතිං ඒ හැමදේටම අවශ්‍ය කරන මවුන්ට් තිබෙනවා. කැමරාවක් ගනිද්දි ඒකට කවර, මවුන්ට්, ආවරණ ආදිය පහසුවෙන් මිලදි ගන්නට තිබෙනවාද යන්නත් සොයාබැලීම වැදගත්. ගෝ ප්‍රෝ එකට එන මවුන්ට් එකට සරිලන ලෙස බොහෝ කැමරා නිර්මාණය කරනවා. එම නිසා කැමරාව තරමක් වෙනස් මාදිලියක් නොවනවා නම් මවුන්ට් කරගැනිමේ ලොකු ගැටලුවක් නම් එන්නේ නැහැ.