විදේශ ගතවන අම්මලාට දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ යෙදීම අනිවාර්යයි

විදේශ ගතවන අම්මලාට දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ යෙදීම අනිවාර්යයි

  • October 30, 2022
  • No Comment
  • 34

දරුවන් සිටිය දී රැකියා සඳහා විදේශ ගතවන වයස අවුරුදු 45ට අඩු විවාහක කාන්තාවන් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් චක්‍ර ලේඛයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව වයස අවුරුදු 02 ට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යෑමට අවසර ලබා නොදේ.

වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන් සහ වයස අවුරුදු 32ට හෝ ඊට වැඩි වයසැති දරවැන් සිටින මවුවරුන් එම දරුවන්ගේ රැකවරණය පිළිබඳව වැඩ පිළිවෙළක් සඳහන් ස්වයං ප්‍රකාශයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය. එහිදී ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම අවශ්‍ය නැතැයි සඳහන්ය.

තවද වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබාගැනීම සඳහා ග්‍රාමනිලධාරි සහතිකය ලබාගැනීමේදී තමා පදිංචි වසමේ ග්‍රාමනිලධාරිවරයා ගෙන්ම එම සහතිකය ලබාගත යුතු අතර යම් පුද්ගලයෙකු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති නම් දැනට තාවකාලිකව පදිංචි වසමෙන් අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අවසන් වරට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ව තිබූ වසමේ ග්‍රාමනිලධාරීගේ ලිපයක් සහිතව අයදුම්පත ඉදිරිපත් කළ යුතුවේ.

විදේශ රැකියාවක නිරතව සිට පැමිණ නැවත විදේශ ගතවන කාන්තාවන්ට පැමිණි දින සිට මාස 9ක් ඇතුළත විදේශ ගතවන්නේ නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

මෙලෙස විදේශගත වීමට අවස්ථාව ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණි කාන්තාවන්ට පමණි. පැමිණි දින සිට මාස 9 ඉක්මවූ පසු නැවත විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන්නේ නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

මෙම වාර්තාව ලබාගැනීමේ දී පදිංචිය පිළිබඳ හෝ වෙනත් යම් ගැටලුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව සොයා බලා තීරණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් වෙත බලය පවරනු ලබයි.

උපාලි ද සේරම්

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *