පෝර්ට් සිටි නීති රීති රෙගුලාසි අයත් ගැසට් පත්‍රය අමාත්‍යාංශයට – රාජ්‍ය අමාත්‍ය දිලුම්

පෝර්ට් සිටි නීති රීති රෙගුලාසි අයත් ගැසට් පත්‍රය අමාත්‍යාංශයට – රාජ්‍ය අමාත්‍ය දිලුම්

  • October 29, 2022
  • No Comment
  • 48

කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාළ නීතිරීති රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ට ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ වන විට පෝට් සිටි ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය අවසාන අදියරේ පවතී. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නීතිරීති හා අණපනත් හඳුන්වාදීමත් සමඟ ආයෝජකයන්ට තම  ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැක. ගිවිසුම් ගත වී සිටින ආයෝජකයින්ට කඩිනමින් තම ව්‍යාපෘති ආරම්භ කිරීමට ද මෙය  අවස්ථාව වේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේ අද (27) පෙරවරුවේ පෝට් සිටි ව්‍යාපෘතිය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, මේ වන විට ලොව පුරා ඉහළ පෙළේ බොහෝ ආයෝජකයන් පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ද, එය අනාගතයේදී තවත් සිංගප්පූරුවක්  ඩුබායි නගරයක් වැනි වානිජ මධ්‍යස්ථානයක් වනු ඇතැයිද පැවසීය.

මෙරටට සෘජු විදේශ ආයෝජන අවශ්‍යම අවස්ථාවක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා එක්ව ආයෝජක දිරි ගැන්වීමේ වැඩ සටහනක් හදුන්වා දී තිබේ. මෙතෙක් විවිධ ආයතන වෙත ගොස් අදාල අනුමැතීන් ලබා ගත් ආයෝජකයින්ට මින් පසු එම කටයුතු  ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත සිදු කරන බවත්, කඩිනම් සේවයක් ලබා දීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කැප වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හා පෝට්  සිටි ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමණාකාර අධ්‍යක්ෂ රාජා එදිරිසූරිය, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් , කොළඹ පෝර්ට් සිටි ආර්ථික කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *