රට භාරගැනීමට සුදුසු කණ්ඩායමක් සිටින බව අනුර කුමාර මහතා පවසයි

රට භාරගැනීමට සුදුසු කණ්ඩායමක් සිටින බව අනුර කුමාර මහතා පවසයි

  • October 29, 2022
  • No Comment
  • 43

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන බෙදීම සනිටුහන් වෙමින් ඇති බවය.

“මෙතෙක් නොවූවිරූ ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සනිටුහන් වෙමින් එනවා. ඒකෙ දෙකයි තියෙන්නේ. මීට කලින් දේශපාලනයේ තිබුණු බෙදීම් බොරු.” 

“රට විනාශයට පත්කළ කඳවුර සහ රටට විසඳුම ගෙනඑන කඳවුර.” 

“ජාතික ජනබලවේගය යනු මේ විනාශ කරපු රට ගොඩනගන කඳවුර.” 

“බතලේගොඩ බීජ පර්යේෂණ ආයතනයේ දෙමුහුන් වී වර්ග හඳුන්වාදීපු ආචාර්ය ධනපාල.. අන්න අපේ වැඩේ ඉන්නේ.”

“ලාංකීය බාස්මතී සොයාගත්තු ආචාර්ය සුමිත් අපේ වැඩේ ඉන්නේ.”

“ගොවි නායකයෙක් වන නාමල් කරුණාරත්න සහෝදරයත් ඉන්නේ අපි සමග.”

“අපි මේක තමයි කෘෂිකර්මය භාරදෙන කණ්ඩායම.”

“දැන් කට්ටිය කියනවා ඒ වුණාට ඔයගොල්ලන්ට ජෙනරාල්ලා නෑනේ ආරක්ෂාව භාරගන්න කියලා.”

“මතක තියාගන්න, කොළඹ දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන්නේ අපේ මේජර් ජෙනරාල්..නැගෙනහිර හිටපු ආඥාපති අනුර ජයසිංහ.” 

“අපි ඒ අයගෙන් සමන්විත ආරක්ෂිත කවුන්සිලයක් හදලා තිබෙනවා. මේ සෙල්ලං වැඩක් නෙමෙයි කරන්න හදන්නේ.” 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *