බොරතෙල් නැව දින 40 ක් වරාය ළඟ ප්‍රමාද ගාස්තුව දැනට ඩොලර් ලක්‍ෂ 60 ක්

බොරතෙල් නැව දින 40 ක් වරාය ළඟ ප්‍රමාද ගාස්තුව දැනට ඩොලර් ලක්‍ෂ 60 ක්

  • October 29, 2022
  • No Comment
  • 42

මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.

ගෙවී ගිය දින හතළිහක කාලයේ දී එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තුවල මුළු එකතුව ඩොලර් හැටලක්‍ෂයක් වන බව ද ඔවුහු පවසති.

සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොලැබීම නිසා ඉකුත් 07 වැනිදා සිට වසා දමා ඇත.

මෙම බොරතෙල් නැව නිදහස්කර ගැනීමට ඩොලර් මිලියන 70ක පමණ මුදලක් ගෙවිය යුතුව තිබුණ ද එය රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි. නමුත් දින හතළිහක් තිස්සේ මෙකී බොරතෙල් නෞකාවට ප්‍රමාද ගාස්තු එකතුවීමට ඉඩහැර තිබීම අපරාධයක් නිසා ඒ පිළිබඳ කඩිනම් පියවරක් ගන්නා ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *