යූරියා පොහොර නොලැබුණු ගොවීන්ට දැනුම් දීමක් ..

යූරියා පොහොර නොලැබුණු ගොවීන්ට දැනුම් දීමක් ..

  • October 28, 2022
  • No Comment
  • 40

යූරියා පෙහොර නොලැබුණු ගොවීන් සිටී නම් වහාම ඒ පිළිබඳ ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන කාර්යාලවලට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්,  ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ මේ වනවිට යූරියා පොහොර තොග බෙදා හැරීමේ පළමු අදියර සියයට 90 කින් පමණ අවසන් බවයි.

ඒ අනුව වී වගාව ආරම්භ කර ඇති බොහෝ ප්‍රදේශ වෙත යූරියා පොහොර යොමු කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

පළමු අදියරේදී  හෙක්ටෙයාරයකට යූරියා පෙහොර කිලෝ ග්‍රෑම් 35 ක් ලබා දෙනු ඇති.

ඒ සඳහා ලෝක බැංකුවේ මැදිහත්වීම මත පෙරේදා මෙරටට ආනයනය කළ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ද ඒ සඳහා වෙන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ආනයනය කළ තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් ලබන මාසයේදි ‍මෙරටට ලැබීමට නියමිතයි.

මෙවර මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 20000 ක් ආනයනයට සැලසුම් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මීට අමතරව එම්. ඕ. පී. පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් කැනඩාවෙන් ආනයනය කිරීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

එම කාර්යාලය පැවසුවේ, මහ කන්නයේ වී වගා කරන ගොවින්ට සහන මිලක් ‍යටතේ මෙම පොහොර ලබාදිමට නියමිත බවයි‍.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *