මානව හිමිකම් කොමිසමෙන් රජයට නැවතත් දැනුම් දීමක්..

මානව හිමිකම් කොමිසමෙන් රජයට නැවතත් දැනුම් දීමක්..

  • October 28, 2022
  • No Comment
  • 46

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස  තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන්නැයි,  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහීණී මාරසිංහ මහත්මිය මේ බව දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

මානව හිමිකම් කොමිසම, එම ලිපියෙන්  පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 14(1) අ, ආ, යන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමෙන් වැළකිය යුතු බවයි.

භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු  අදහස් පළ කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත මේ බව දන්වා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩු කිහිපයක තීන්දු උපුටා දක්වමිනි.

රටේ නීති සහ පරිපාලන ක්‍රියාකාරකම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්ට අනුකූළව, සිදුකිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් නිර්දේශ කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් තම ආයතනය වෙත පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය මෙම ලිපියෙන් අවධාරණය කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *