ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්..

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්..

  • October 27, 2022
  • No Comment
  • 42

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳවැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ණය, කණ්ඩ තුනක් යටතේ ලබා දෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය ආයෝජන ණය, කුඩා තේ වතු හිමියන් සඳහා ආයෝජන ණය, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය එම කණ්ඩ තුන වේ.

වර්තමාන තත්ත්වය හේතුවෙන් නව ණය මුදලක් ලබා ගැනීමට පවතින තාක්ෂණික බාධාවන් සැලකිල්ලට ගනිමින් නව ණය මුදලක් ලබා දෙන තෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දැනට භාවිතයට නොගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදල ව්‍යවසායකයින්ට ණය ලබාදීම සඳහා යොදා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව මත මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව ,සම්පත් බැංකුව යන මූල්‍ය ආයතන වලින් මෙම ණය පහසුකම සපයන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලබා ගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 10 ක් වන අතර ඒ සඳහා උපරිම මාස 6 ක ණය සහන කාලයක් හිමිවන අතර උපරිම වසර තුනකින් ගෙවිය හැක.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *