හොර විදේශ රැකියා ඒජන්සි 2ක් වටලයි
- October 11, 2022
- No Comment
- 31
අම්පාර සහ කල්මුණේ නගරවල වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අම්පාර, බුද්ධංගල පාරේ සහ කල්මුණේ පල්ලිය පාරේ විදේශ රැකියා ආයතන දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් එහිදී නඩු භාණ්ඩ ලෙස විදේශ ගමන් බලපත්‍ර 21 ක්, විදේශ රැකියා අයදුම්පත්, නාමපුවරු බැනර් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කීය.
එම පුද්ගලයන් අම්පාර සහ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුන්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන අප මත මුදාහැරි බවත් මෙම වැටලීම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ සරත් විමලවීර, බුද්ධික විදානපතිරණ, මිහිරාජ් චමින්ද, වසන්ත ඒකනායක සහ සංජීව ධර්මසිංහ යන නිලධාරීහූ සහභාගි වූ බවත් එම කාර්යාංශය සඳහන් කළේය.