දරුවන් උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන සමාජ කතිකාවතක්..!

දරුවන් උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන සමාජ කතිකාවතක්..!

  • October 13, 2022
  • No Comment
  • 37

ගාලුමුවදොර පැවැති උද්ඝෝෂණයකට දරුවන් සහභාගි කරවීම සහ එම අවස්ථාවේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් විරෝධතා සඳහා දරුවන් සභාගිකරවීම පිළිබඳව සමාජය කතිකාවක් ආරම්භ වී ඇතැයි සමාජ ක්‍රියාකාරිනියක් වන නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල සමාජ ආරක්‍ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ලිඛිතව දන්වා ඇත.

ඒ පිළිබඳව අවධානය යොමු කර ළමා ආරක්‍ෂණ අධිකාරිය දරුවන්ගේ අයිතිවාසිකම් සහ දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳව වැඩිහිටියන්ගේ වගකීම පිළිබඳව සමාජය දැනුවත් කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් ක්‍රියාත්මක කළ යුතු බව  මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල සමාජ ආරක්‍ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

වගකිවයුතු මව්පියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත යුතු දේ දිනාගැනීම සඳහා නොදරුවන් හෝ ඡන්ද හිමිකාරිත්වය නැති දරුවන් යොදාගැනීම අනුමත කිරීම හෝ අනුබලදීම නොකළ යුතු බවත් එමගින් දරුවන් ශාරීරික සහ මානසික හිංසනයට පත්වන බවත් ඇය ලිපියෙන් ප්‍රකාශ කරන්නීය.

වර්තමානයේ උද්ඝෝෂණ, අරගල, පිකටින්, විරෝධතා, සැමරුම් හෝ වෙනත් කුමන නමකින් හෝ පෙනී හිදිමින් ඇතමුන් දරුවන් ආරක්‍ෂක අංශ ලබා ශාරීරික සහ මානසික හිංසාවට පත්කිරීමට ඉදිරියට යොමුකර අරමුණු ළගාකරගැනීමට උත්සහ කරන බව කියන ශර්මිලා ගෝනවෙල කලකට ඉහතදී උතුරේ ත්‍රස්තවාදීන් දරුවන් තුළ උපක්‍රහශීලීව වෛරය සහ ක්‍රෝධය වපුරුවමින් අවසානයේ දරුවන් සයනයිට් කරල ගෙළ පළදින තත්වයට පත්කළ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

– ලංකාදීප –

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *