ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා

ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා

  • October 10, 2022
  • No Comment
  • 33

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ අද (10) දින අධිචෝදනා භාර දී තිබේ. 

එලෙස අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන කජා මොහිදීන් මොහොමඩ් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබු පෙර ඇප මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් සහ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් මුලික විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අධිකරණයට පෙන්වා දුන් අතර ඒ අනුව මුලික විරෝධතා ගොනු කිරීම සඳහා එම නඩුව නොවැම්බර් 01 දා යළි කැඳවීමට ද මහධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

2011 වර්ෂයේදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාව විසින් එම විත්තිකරුන් තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *