රටවල් සමග ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් 35ක් යළි සක්‍රීය කිරීමට පියවර – වෙළෙඳ අමාත්‍යාංශය

රටවල් සමග ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් 35ක් යළි සක්‍රීය කිරීමට පියවර – වෙළෙඳ අමාත්‍යාංශය

  • October 9, 2022
  • No Comment
  • 28

විවිධ රටවල් සමග අත්සන් තබා තිබෙන, එහෙත් දැනට අක්‍රීය මට්ටමේ  පවතින වෙළෙඳ ගිවිසුම් 35ක් පමණ යළි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ  අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ  දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

2018 වසරෙන් පසුව ඇතැම් වෙළෙඳ  ගිවිසුම් සම්බන්ධයෙන් පැවැති සාකච්ජා රැසක් විවිධ හේතු මත බිඳ වැටී ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, පවතින බදු පදනම් නිදහස් කළ රටවල් අතර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධන කර ගැනීමේ අරමුණින් මෙම ගිවිසුම් ක්‍රියාත්මක කරන බවය.

මේ යටතේ සිංගප්පුරුව සමග දැනට ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් සක්‍රීය කිරීමට අපේක්ෂා කරයි.

ඊට අමතරව ඉන්දියාව , තායිලන්තය, චීනය සමග අත්සන් තබා ඇති එහෙත් දැනට අක්‍රිය වී තිබෙන වෙළෙඳ ගිවිසුම් යළි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඉන්දුනීසියාව සමග නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *