ඩයලොග් සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වා දෙයි

ඩයලොග් සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වා දෙයි

  • October 8, 2022
  • No Comment
  • 39

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සම්පත් බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත (Torurist Fuel Pass) හඳුන්වාදීමට කටයුතු කරන ලදි. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයකුට තම රටේ භාවිත වන විදේශ මුදල් ඒකකය උපයෝගි කර ගනිමින් ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් සංචාරක ඉන්ධන අවසර පත මිලදීගත හැක. මේ අවසරපත MilleniumIT ESP සමාගම විසින් සංවර්ධනය කරන ලද Touch Fuel ක්‍රමවේදය හරහා බලගැන්වෙන අතර, රට පුරා පිහිටි තෝරාගත් සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල්වලින් මේ සේවාව ලබා ගත හැක.

සංචාරකයන්ට මේ ඉන්ධන අවසරපත භාවිතයෙන් ඉන්ධන මිලදී ගැනීමට පමණක් ගෙවීම් කිරීම සඳහා මෙවැනි කාඩ්පතක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩයලොග් සමාගමට අවසර දී තිබේ. Touch Fuel සේවාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 300කදී ලබාගත හැකි අතර, ඔක්තෝබර් මාසය අවසන් වන විට එම සේවාව පිරවුම්හල් 500කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිවිසුමේ ශාඛාව ඇතුළුව සම්පත් බැංකු ශාඛා 229න් අමෙරිකන් ඩොලර් 5කට ඉන්ධන අවසරපත මිලදී ගත හැක. යම් හෙයකින් සංචාරකයකුට ඉන්ධන අවසරපත සම්බන්ධයෙන් අතිරේක තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් https://fuelpass.gov.lk/touristpass වෙත පිවිසීමෙන් ද, පැය 24 පුරා ක්‍රියාත්මක වන 1393 ක්ෂණික අංකය ඇමතීමෙන් ද දැනුම්වත් විය හැකියි. මේ ඉන්ධන අවසරපත අමෙරිකන් ඩොලර් 50ක අවම සහ ඩොලර් 300ක උපරිම top -up අගයකින් යුතු වන අතර, ඊට අදාළ ගෙවීම පිළිගත් විදේශ මුදල් ඒකකයකින් ගෙවිය හැකිය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *