බ්‍රසීල මැතිවරණයේදී ආදිවාසී කාන්තාවන්ට ඓතිහාසික ජයග්‍රහණයක්
- October 6, 2022
- No Comment
- 53
නිලවරණ සඳහා ඉදිරිපත් වන ආදිවාසී බ්‍රසීල ජාතිකයින් සංඛ්‍යාව ඉහළ යාමෙන් පසුව, සෝනියා ගුජජාරා, ජූලියානා කාර්ඩෝසෝ සහ සීලියා සැක්ක්‍රියාබා යන කාන්තාවන් තිදෙනා කොන්ග්‍රසය සඳහා තේරී පත් විය.
ඔවුන් පාර්ලිමේන්තුවේ මෙතෙක් සිටි විශාලතම ස්වදේශික කණ්ඩායම බවට පත් වනු ඇත.
“අපි ඉතිහාසගත ප්‍රතිඵලයක් අත්කරගෙන තිබෙනවා. මම සහ අනෙකුත් තේරී පත් වූ ආදිවාසී කාන්තාවන් රජයේ ඉහළම මට්ටමේ ආදිවාසී අයිතීන් ආරක්ෂා කිරීමට සූදානම්,” සීලියා සැක්ක්‍රියාබා BBC වෙත පැවසීය.
මීට වසර හතරකට පෙර ජෝනීයා වපිචානා මන්ත්‍රීවරියක වූ ප්‍රථම ආදිවාසී කාන්තාව බවට පත්විය. මීට පෙර, අනෙක් එකම නියෝජිතයා වූයේ 1982 සහ 1987 අතර සේවය කළ මාරියෝ ජුරුනා ය.
2010 සංගණනයට අනුව ආදිවාසී බ්‍රසීලියානුවන් 900,000ක් පමණ සිටිති. එය ජනගහනයෙන් 0.47%කට වඩා අඩු වන අතර, ඔවුහු සමාජ අසමානතාවයෙන් පීඩි විඳිති.
2019 ජනවාරි මාසයේදී ජනාධිපති ජායිර් බොල්සොනාරෝ බලයට පත් වූ දා සිට ඇමසන් වනාන්තරයේ වන විනාශය වේගවත් වීම ඔවුන්ට විශේෂයෙන් බලපා ඇත. ආදිවාසී අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබියදීත්, ආදිවාසී ඉඩම් ආක්‍රමණය කිරීම සහ එම ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබේ.
ලන්ඩනයේ කිංස් කොලේජ් හි ආචාර්ය ග්‍රේස් ඉයාරා සූසා, මෙම ප්‍රතිඵලය ඓතිහාසික එකක් බවට එකඟ වන අතර, එය “ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර රැසකට ප්‍රතිචාරයක්” ලෙස දකියි.
පරිසරය අනතුරේ
ආදිවාසී කාන්තා ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ පාරිසරික ගැටළු ය.
“ඇමේසන්හී හදිසි අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ආදිවාසීන්ට පරිසරය සංරක්ෂණය කරන්න දැනුමක් ඇති බව වරින් වර ඔප්පු කරලා තියෙනවා. මෙම සටන මෙහෙයවන්න අපි තරම් සුදුසු කවුරුත් නැහැ,” සැක්ක්‍රියාබා පවසයි.
අන් ආදිවාසී කොංග්‍රස් සභිකයන් ද ඊට සමාන අදහස් දරයි.
“මෙම මැතිවරණය තීරණාත්මකයි. අද, බ්‍රසීලයේ ආදිවාසීන්ගේ අරගලයට නායකත්වය දෙන්නේ කාන්තාවන්,” බ්‍රසීලයේ ප්‍රධාන ස්වදේශික සංවිධානය වන බ්‍රසීලයේ ආදිවාසී ජනතා සන්ධානය (APIB) හි ප්‍රධානී ගුවාජජරා ඡන්දයට පෙර පැවසීය.
2021 නොවැම්බරයේ නවතම වාර්ෂික රජයේ වාර්තාවට අනුව බොල්සොනාරෝ යටතේ ඇමසන් වනාන්තර විනාශය වසර 15ක ඉහළම අගයක් වාර්තා කර ඇත. මෙය ආදිවාසී ගෝත්‍රිකයන්ගේ වාසභූමියට තර්ජනයකි.
බොහෝ පරිසරවේදීන් වැසි වනාන්තර සංරක්ෂණය කිරීමේදී ආදිවාසීන් ඉතා වැදගත් ලෙස සලකයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා බොහෝ විට ප්‍රකාශ කර ඇත්තේ ආදිවාසීන් තම සහෝදර බ්‍රසීලියානුවන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සහ ආර්ථික කටයුතු වැළඳ ගත යුතු බවයි.
ස්වදේශික ඉඩම්වල වාණිජ වටිනාකම් ගවේෂණය කළ බවට වන චෝදනා බොල්සොනාරෝ ප්‍රතික්ෂේප කර ඇත.
අනෙක් අතට, ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ “ලුලා” ද සිල්වා, වන විනාශය මැඩලීමට සහ ස්වදේශික අයිතීන් ආරක්ෂා කිරීමට නව අරමුදල් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.
ව්‍යවස්ථාමය අයිතිවාසිකම්
නමුත් තේරී පත් වූ ආදිවාසී මන්ත්‍රීවරුන්ට පරිසරය සුරැකීමට පළමුව තම භූමිය ආරක්ෂා කර ගත යුතුව තිබේ.
“සැබෑ සටන ආරම්භ වෙන්නේ දැන්,” මැතිවරණයෙන් පසුව සැක්ක්‍රියාබා පැවසුවා ය.
ඇගේ එක් ඉලක්කයක් වන්නේ බොල්සොනාරෝගේ සමයේ නතර වූ ප්‍රතිපත්තියක් වන ස්වදේශික භූමි මායිම් නැවත ලකුණු කිරීම ය.
1988 දී බ්‍රසීලයේ වත්මන් ව්‍යවස්ථාව අනුමත කරන විට ආදිවාසී කණ්ඩායම් පදිංචිවී නොසිටි ඉඩම් සංරක්ෂණය බැහැර කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුදැනුමින් කළ නීති සම්පාදනය ඉවත් කිරීමට නව ආදිවාසී මන්ත්‍රීවරියන් උත්සාහ කරනු ඇත.
මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ දැනට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට ලක්ව ඇති එවැනි ප්‍රතිපත්ති ව්‍යවස්ථා විරෝධී බව යි.
“පසුගිය වසර හතර තුළ, අපි ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් වලට සහ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ල කළා,” ආචාර්ය සූසා පැහැදිලි කරයි.
ආදිවාසී කණ්ඩායම්වලට “එක සෙන්ටිමීටරයක්වත් නොදෙන” බවට බොල්සොනාරෝ ප්‍රතිඥා දී ඇති බව ද ඇය සඳහන් කරයි.
ප්‍රචණ්ඩත්වය සහ කොවිඩ්-19
ආදිවාසී කාන්තා ව්‍යාපාර සමාජ මාධ්‍ය ඉතා සාර්ථක ලෙස භාවිතා කිරීම කැපී පෙනුණි. සිලියා සැක්ක්‍රියාබාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීම් පුළුල්ව පැතිර ගිය අතර එහි ඇය ඇගේ ප්‍රතිපත්ති ගැන කතා කළා පමණක් නොව අය “දෘශ්‍යතාවය” ලෙස හැදින්වූ ක්‍රියාවලිය ප්‍රවර්ධනයටත් යොදා ගැනිණි.
“මගේ මැතිවරණ ප්‍රචාරක චාරිකා අතරතුරදී මීට කලින් කවදාවත් ආදිවාසීයෙක් දැකලා නොතිබුණු බොහෝ අය මට හමු වුණා. සමහරු ඇහුවා මම ‘ඇත්තටම’ ආදිවාසියෙක්ද කියලා” ඇය සිහිපත් කරයි.
නමුත් දැනුවත්භාවය වැඩි වීමත් සමඟ අනවශ්‍ය අතුරු ආබාධ පහ විය.
“ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරේදි මම කරදරවලට ලක් වුණත්, බ්‍රසීලයේ ආදිවාසීන්ට එරෙහිව සාමාන්‍යයෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය එක්ක බලද්දි ඒකෙ ගණන් ගන්න දෙයක් නැහැ.”
2021 දී බ්‍රසීලයේ ආදිවාසීන් 176 දෙනෙකු මරා දැමූ බව රාජ්‍ය නොවන ස්වදේශික මිෂනාරි කවුන්සිලයේ වාර්ෂික වාර්තාවක් පෙන්වා දෙයි.
කොවිඩ්-19 වසංගතය යටතේ ආදිවාසී ප්‍රජාවන් ද විවිධ අභියෝගවලට මුහුණ දුන්හ.
“සෞඛ්‍යාරක්ෂාව ලබා ගැනීමේ අයිතිය සඳහා ආදිවාසීන්ට දැඩි ලෙස සටන් කිරීමට සිදු වුණා,” ආචාර්ය සූසා පවසයි.
විද්වතුන් පවසන්නේ ඔවුන් ස්වදේශික නොවන දේශපාලනඥයින් සමඟ, විශේෂයෙන් වඩා ශක්තිමත්ව සිටින කෘෂි ව්‍යාපාරවලට සම්බන්ධ වඩා විශාල මන්ත්‍රී කණ්ඩායම් සමඟ කොන්ග්‍රසයේ සභාග පිහිටුවා ගැනීම දැකීම “සතුටුදායක” බවයි.
නමුත් එක් දෙයක් ස්ථිර ය. ඒ, කොන්ග්‍රසය කාන්තාවන් සහ ස්වදේශික ප්‍රශ්න ගැන වැඩිපුර ඇහුම්කන් දෙනු ඇති බව ය.
“අපි නිලවරණයට ඉදිරිපත් වුණේ ආදිවාසී අයිතීන් සහ පරිසරය වෙනුවෙන් සටන් කරන්න මිසක් වෙන දේකට නොවෙයි,” සැක්ක්‍රියාබා පවසයි.
“අපිට අවශ්‍ය වෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න හොඳ හැකියාවක් තියෙන ස්වදේශිකයන්ට ඒක දිගටම කරගෙන යන්න ඉඩ දෙන එකයි. ඒක සමස්ත මානව වර්ගයාටම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් දෙයක්.”