අද පාර්ලිමේන්තුවේදී ජනාධිපති විසින් විශේෂ ප්‍රකාශය.!

අද පාර්ලිමේන්තුවේදී ජනාධිපති විසින් විශේෂ ප්‍රකාශය.!

  • October 6, 2022
  • No Comment
  • 39

මහකන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබාදීමට පියවර….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර දෙවන අදියර පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබී නැති අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් එයින් රටට ලැබෙන වාසිය අති විශාල බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අග්නිදිග ආසිය සමග ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමට ද මෙම ගිවිසුම හේතුවන බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා ජපාන සහයෝගීතා ආයතනය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව සහයෝගය ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානය එකඟත්වය පළ කිරීම සුබ ලකුණක් බව ද පැවසු ජනාධිපතිවරයා, පසුගිය කාලයේ සිදුව තිබු ඇතැම් ක්‍රියා හේතුවෙන් ජපානය සමග මිත්‍රත්වය පළුදු වී තිබුණු බව ද පැවසීය.

මේ වනවිට චීනය සමග මුලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, අතීතයේ සිටම චීනය අපේ රටට සහාය ලබාදුන් බව ද කියා සිටියේය.

එමෙන්ම ඉන්දීයාව සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ඉන්දියාවේ සහයෝගය නිරන්තරයෙන් අපේ රටට ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ණය දෙන රටවල් සමග හැකි ඉක්මනින් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අපට IMF සහතිකය ලබාගත හැකි වෙනවා. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකන් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. IMF සහතිකය ලබාගැනීමෙන් පසුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජිං ෆිනෑන්ස් (Bridging Finance) පහසුකම් ලබාගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ සඳහා ඩොලර් බිලියන 1, 2ක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය පහසුකම් ලබාදෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කර ද්විපාර්ශික ණය ලබාගැනීමේ අවස්ථාව මේ සමග උදාවෙනවා. ඊට පසුව එම මුදල් ලබාගන්නා ගමන් අනෙක් රටවල් සමග සාකච්ඡා කරනවා.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *