ආර්ථික අර්බුදයට විසඳුම් දිය හැකි නායකයා කවු ද?

ආර්ථික අර්බුදයට විසඳුම් දිය හැකි නායකයා කවු ද?

  • August 9, 2022
  • No Comment
  • 36

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂන් ඉන්ඩිකේටර් මගින් මේ වසරේ අගෝස්තු මාසය සඳහා  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ වඩාත් මහජන විශ්වාසය දිනාගෙන සිටින දේශපාලන නායකයින් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි දේ කිරීමට ජාතික මට්ටමේ නායකයින් කෙරෙහි ඇති විශ්වාසය දර්ශකය මත පදනම්වයි.

මෙම දර්ශකයට අනුව, වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි තීන්දු තීරණ ගනැම සම්බන්ධයෙන් ජාතික ජන බලවෙගයේ නායක නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි 48.5% ක් ජනතා විශ්වාසය පළ වි තිබේ.

රනිල් වික්‍රමසිංහ  මහතා කෙරෙහි 36.6% ක මහජන විශ්වාසයක් සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත හිමිවි ඇති මහජන විශ්වාසය 29.1% කි.

ඩලස් අලහප්පෙරුම මහතාට අර්බුදය විසඳිය හැකි බව 23.7%ක් විශ්වාසය පළ කර ඇති අතර  18.3%ක් විශ්වාස කරන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ආර්ථික අර්බුදය විසඳිය හැකි බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අර්බුදය විසඳිය හැකි බවට  11.9% ක් විශ්වාසය පළ කර තිබේ.

මේ අතර මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ 84.3% ජනතාවක් විශ්වාස කරන්නේ ගෝඨාගෝ ගම අරගලය වඩා හොඳ  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සිවල් මනසක් ඇති තරුණයින් විසින් මෙහෙය වූවක් බවයි.

අරගලයට සම්බන්ධ තරුණයින් ප්‍රචණ්ඩකාරී බවට නැගෙන චෝදනාවලට 82% පිරිසක් එකඟ වී නොමැත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට 75.6% ක් මෙම සමීක්ෂණයේදී එකඟ වී තිබේ.

News 1st

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *