ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

  • October 5, 2022
  • No Comment
  • 36

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙට(06) ඉදිරිපත් වෙයි.

ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද(05) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.

ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා

මේකෙන් උත්සාහ කරන්නේ මානම හිමිකම් කියන මේ ආයුධය උපයෝගී කරගෙන ජීවිතාන්තය දක්වා අපිව පාලනය කිරීමට යොදා ගැනීමට උත්සාහා කිරීම දිගින් දිගටම ඔවුන් ආයුධයක් හැටියට පාවිච්චි කරලා මේ රටේ ස්වාධිපත්‍යට හා ස්වාධිනත්වයට හානි කිරිමට යොදා ගන්නවා. අවාසනාවට වගේ රට තුළ පත්වෙලා තියන මේ ව්‍යාකූලත්වය තුළ ශ්‍රී ලාංකිකයෝ බෙදුම්වාදී ඇජෙන්ඩාවක් ඉදිරියට ගෙන යන අය විරුද්ධව පෙල ගැහෙන ශ්‍රී ලාංකිකයෝ තුළ වෙනසක් බෙදීමක් වෙලා තියනවා අපට නෑ කියන්න බෑනේ. ඒ බෙදීම ඉතාමත් ලස්සනට බෙදුම්වාදී ප්‍රවාහයේ සිටින අය ප්‍රයෝජනයට අරන් තියනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරට හමුවේ හෙට කරුණු දැක්වීමට සූදානම් වන විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත්, මෙවර ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඇත්තටම සඳහන් වන්නේ මොනවාද?

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විතය මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත දැන් ප්‍රසිද්ධ කර තිබේ.

එහි කරුණු 19 ක් ඇතුළත් ය.

ඉන් කරුණු මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබේ.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාළ යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර තිබේ.

එහි සඳහන් වන්නේ, ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගීවූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ තුවාලවීම් හා දේපොළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා තිබේ.

මෙවර සැසිවාරයට මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *