ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

  • October 5, 2022
  • No Comment
  • 34

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය, ආහාර හා සමාජ ආරක්ෂණ අයිතීන් සුරැකීම පිළිබඳව ඔවුන් සකස් කළ මේ වාර්තාව පිටු 57කින් සමන්විතයි.

එහි දැක්වෙන්නේ, මෙරට ආහාර ද්‍රව්‍ය මිල ගණන් සැලකීමේදී වසරක් තුළ බිත්තර මිල 124.1% කින්ද , පරිප්පු මිල 185.9% කින්ද , අර්තාපල් 125.3% කින්ද, සීනි මිල 151.1% කින්ද ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ඖෂධ මිල 40%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන් අතර, අගෝස්තු මාසය වනවිට ජීවිතාරක්ෂක ඖෂධ 2ක් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 188ක හිඟයක් පැවැති බවද අදාළ වාර්තාවේ සඳහන් ය.

අත්‍යාවශ්‍ය ශල්‍ය උපාංග 2,724 ක් හිඟව පැවැති බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ දැක්වෙයි.

මිලියන 6.2 ක් එනම් ජනගහනයෙන් 28% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව පවසන ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් වාර්තාවේ සදහන් වන්නේ, මිලියන 5.7 කට එනම් ජනගහණයෙන් හතරෙන් එකකට මානුෂීය ආධාර අවශ්‍ය බවයි.

මෙරට ළමා මන්දපෝෂණය ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවේ පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර එහි දැක්වෙන්නේ ඉහළ යන ළමා මන්දපෝෂණය මගින් දිර්ඝ කාලීන බලපෑමක් ඇතිකරන බවයි.

මේ වසරේ ජූනි මාසය වනවිට කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට ඇතුළු කළ ළමුන්ගෙන් පහෙන් එකක් ඌණ පෝෂණයෙන් පෙළුණු අය බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාව පෙන්වා දෙයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *