ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- October 2, 2022
- No Comment
- 35
බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවිඩයක්
ඉදිරියේදී මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පෙට්‍රල් චයිනා සමාගම සමඟ සාකච්ඡාවක් සිදුකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සාකච්ඡාවේ දී ඉන්ධන සැපයුම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ශවයෙන් පියවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවය.
වසර 10 ක කාලයක් තිස්සේ පෙට්‍රල් චයිනා සමාගම මෙරටට ඉන්ධන සැපයීමේ කාර්යයේ නිරතව සිටියි.
තමන් සමඟ පැවති මෙම සාකච්ඡාවට පෙට්‍රල් චයිනා සමාගම වෙනුවෙන් එහි උප සභාපතිවරයා සහ කළමනාකරණ අධ්යක්ෂවරයා එක් වූ බව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.