සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද…

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද…

  • September 26, 2022
  • No Comment
  • 31

කොළඹදී පැවති විරෝධතාව අතරතුරදී සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද(26) දිනයේ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, අද පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.

පොලිස් ස්ථාන වෙත ගොස් අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කළ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

මේ අතර, සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 82 දෙනෙකු ඊයේ පස්වරුවේ ඇප මත මුදා හැරිණ.

පොලිසිය පැවසුවේ, 79 දෙනෙකු පොලිස් ඇප මත හා, එරංග ගුණසේකර මහතා ඇතුළු තිදෙනෙකු ශරීර ඇප මතත් මුදා හැරි බවයි.

භික්ෂුන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර , අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ද අද දිනයේ සාකච්ජා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අධිආරක්ෂිත කලාප රැසක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ පෙරේදා දිනයේදී ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *