දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක – අද පාර්ලිමේන්තුව

දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක – අද පාර්ලිමේන්තුව

  • September 22, 2022
  • No Comment
  • 36

අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක  ආහාර නොගෙන පැමිණි   දරුවන් විසි දෙනකු  එම පාසල්වලදී  ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය.

මෙලෙස ක්ලාන්තවී ඇද වැටී ඇත්තේ විලච්චිය සිද්ධාර්ථ මහ විද්‍යාලය, කිඹුලාවැව  ආනන්ද විද්‍යාලය සහ  කිඹුලාවැව ආනන්ද  විද්‍යාලය යන විදුහල්වල සිසුන් විසි දෙනකු බවද ඔහු සඳහන් කළේය.

දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල් සිසුවකු සම්බන්ධයෙන්ද  ඊයේ  මාධ්‍යවලින් තොරතුරු  වාර්තාවූ බව ප්‍රකාශ කළේය.

පාසල් දරුවකුට රුපියල් 60 කින් දිවා ආහාරය ලබාදිය නොහැකි බවත් මේ ගැටලුව  සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි  තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

විලච්චිය සිද්ධිය ගැන මම දන්නෙ නෑ. නමුත් මම මිනුවන්ගොඩ සිද්ධිය ගැන සොයා බැලුවා.ඒ  විදුහල්පතිතුමියටත් කතා කළා. එහෙම සිද්ධියක් වෙලා නෑ. එහෙම දෙයක් වුණා නම් ඒක ගුරුවරුන්, දරුවන් දැනගන්න ඕන. ඒ කවුරුවත් ඒ වගේ සිද්ධියක් දන්නෙ නෑ. කිසිම දරුවෙක් ඒ ගැන තොරතුරු කියන්න ඉදිරිපත් වෙලත්  නැහැ. විලච්චිය සිද්ධිය ගැන මම සොයා බලනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

මිනුවන්ගොඩ කියන්නේ මගේ ප්‍රදේශය. මම ඒ සිද්ධිය ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නැහැ. විදුහල්පතිතුමිය  ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. රටේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. එහෙම තියනවා කියලා මේ වගේ බොරු ගහලා මිනිස්සු කුලප්පු කරන එක හොඳ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

ජනතාවට ආහාර සොයා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙනවා. මුලින්ම අපි මේ ප්‍රශ්නය පිළිගන්න ඕන. ප්‍රශ්නය පිළිඅරගෙන එය  විසඳීමට වැඩපිළිවෙළක් හදන්න ඕන. උද්ධච්ච විදිහට වැඩ කරන්න එපා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. අපි පිලිගන්නවා. බැහැර කරන්නේ නෑ. නමුත් බොරු කියලා ඇත්ත විකෘති කරන්න දෙන්න බැහැ. මිනුවන්ගොඩ සිද්ධිය බොරුවක්.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:

දරුවන්ගෙන් හතරෙන් එකකට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා. අද ළමයි කලන්තේ දාලා වැටෙනවා. ඒක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕන. අද බත් බැංකු හදන තත්වයක්  රටේ ඇතිවෙලා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *