විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහනේකුත් අරන් එන්න පුලුවන්

විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහනේකුත් අරන් එන්න පුලුවන්

  • September 20, 2022
  • No Comment
  • 117

කාර්, මෝටර් සයිකල් ආනයන බලපත්‍ර ගන්න හිතන අයට පණිවිඩයක්

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද(20) ලබා දී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇත.

මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරණ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ සඳහා මූලික සුදුසුකම සපුරන අතර, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ ප්‍රේෂණය කරන ඩොලර් විසි දහසක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදලක් විද්‍යුත් මෝටර් රථ සඳහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වර්ෂයේ මැයි මාසය දක්වා ප්‍රේෂණය කරන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදලක් විද්‍යුත් යතුරුපැදි ගෙන්වීම සඳහාත් වලංගු වේ.

මෙරටට යොමු කරන ලද ප්‍රේෂණ නිත්‍යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමු කර තිබීමත්, මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බව පැවැසූ ඇමැතිවරයා මෙසේ යොමු කරන හෝ යොමුකළ මුදලින් හරි අඩක මුදලකට යතුරු පැදිය හෝ විද්‍යුත් මෝටර් රථය ගෙන්වා ගත හැකි බව ද පැවැසීය.

මේ සම්බන්ධයෙන් වන තොරතුරු සහ අයදුම්පත්‍ර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැක.

May be an image of 3 people, people standing and indoor

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *