බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

  • September 19, 2022
  • No Comment
  • 33

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වුවේ ය.

දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය නායකයින් 100 කට අධික පිරිසක් පැමිණ සිටියේ ය .

ඒ අනුව එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසංහ මහතා අද ලන්ඩන් නුවර වෙත ළඟා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙරට වේලාවෙන් රාත්‍රි 7.30 ත් 7.40 අතර කාලයේදී දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වුවේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බවයි.

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිත ය.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *