අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවක්..
- September 19, 2022
- No Comment
- 40
අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් අද(19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි.
ඔහු පැවසුවේ 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරවලත් බරපතල ලෙස එම වංචාව සිදුව ඇති බවයි.
එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
වංචාවට සෘජුව සම්බන්ධ පුද්ගලයාගේ සහ එය අධික්ෂණය කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටත් , එම අංශයේ නිලධාරියෙකු තොරතුරු සඳහන් නොකිරීම නිසා ස්ථාන මාරු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට අරගෙන ඇතැයි රේණුක පෙරේරා මහතා පැවසුවේ ය.