බාල බොරතෙල් නැව් පහකින් කෝටි ගණනක පාඩුවක්

බාල බොරතෙල් නැව් පහකින් කෝටි ගණනක පාඩුවක්

  • September 17, 2022
  • No Comment
  • 50

විෂ රසායනික සපුගස්කන්දේ සේවකයන්ට තර්ජනයක්

අතරමැදි සමාගම් හරහා හදිසි මිලදීගැනීම් ලෙස, මෑතකදී මෙරටට ඇණවුම් කරන ලද රුසියානු බොරතෙල් නෞකා 05කින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 73ක (රුපියල් කෝටි 2662ක පමණ) පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වේ. 2022 අප්‍රේල් සිට ඇණවුම් කර ඇති මෙම නෞකාවල අන්තර්ගත බොරතෙල් තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ නළ පද්ධතියට මෙන්ම එහි සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාවටද තර්ජන එල්ලවී ඇත.

සපුගස්කන්ද පිරිපහදුවට වඩාත් ගැළපෙන සහ සාධාරණ මිලකට ලෝක වෙළඳපොළෙන් මිලදීගත හැකි මර්බන්(Murban) නම් බොරතෙල් වර්ගය තිබියදී, නිලධාරීන් ඇණවුම් කර ඇත්තේ ඊට වඩා තත්ත්වයෙන් පහළ අගයක පවතින ‘සයිබීරියන් ලයිට්’ සහ ‘ඌරල්’ ඇතුළු බොරතෙල් වර්ග කිහිපයකි. සයිබීරියන් ලයිට් බොරතෙල් බැරලයක ලෝක වෙළඳපොළේ මිල ඩොලර් 72ක පමණ අගයක පවතිද්දී, එම ඉන්ධන මිලදීගෙන ඇත්තේ බැරලයක් ඩොලර් 103කට වඩා වැඩි අගයක් සඳහන් කරමිනි.

මෙම ඉන්ධන රැගත් එක නෞකාවක බොරතෙල් බැරල් ලක්ෂ 07ක් පමණ පවතින අතර, එක නෞකාවක් වෙනුවෙන් වැඩිපුර ගෙවා ඇති මිල ඩොලර් මිලියන 14ක් පමණ වන බව පැවසේ. මෙම බොරතෙල් මිලදී ගැනීමේදී අතරමැදි පාර්ශ්වය ලෙසින් කටයුතු කර ඇත්තේ ඩුබායිහි පිහිටි කොරල් එනර්ජි සමාගමයි. ඇණවුම් කර ඇති මෙම රුසියානු ඉන්ධන වර්ග රැගත් නෞකා 05න් 02ක් මේ වනතුරුත් මෙරටට පැමිණ නැත.

මේ අතර ‘ඌරල්’ නම් ඉතාම අඩු ප්‍රමිතියකින් යුතු බොරතෙල් වර්ගය හේතුවෙන් පිරිපහදුවේ යන්ත්‍රසූත්‍ර හා නළ පද්ධතියට මෙන්ම සේවකයන්ගේ ආරක්ෂාවටද විශාල හානියක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ. ඊට හේතුව මෙම බොරතෙල් වර්ගයේ අන්තර්ගත ‘සල්ෆර්’ නම් විෂ රසායනිකය ඉහළ අගයකින් පැවතීමයි. එසේම මෙම ප්‍රමිතියෙන් බාල බොරතෙල් පිරිපහදුවෙන් ඵලදායි ප්‍රතිඵල නොලැබෙන බවත්, ඒවායින් වැඩිපුර ලබාගත් හැක්කේ නප්තා සහ දැවිතෙල් පමණක් බවත් වාර්තා සඳහන් කරයි. මේ නිසා ඩීසල්, පෙට්‍රල් ගෑස් ආදිය අඩුම ගණනේ නිෂ්පාදනය වීම නිසා අලාභය වැඩිවීමට හේතුවී ඇත. කෙසේවෙතත් මෙරට පිරිපහදුවට ගැළපෙන ඉරාන, ඉරාක සහ සෞදි බොරතෙල් වර්ග සැපයුම මේ වන විට අදාළ රටවල් සමග පවතින සම්බන්ධතාවල ගැටලු හේතුවෙන් නතරවී ඇත.

නයන තරංග ගමගේ – Aruna

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *