සමරිසි සබඳතා පිළිබඳ යෝජනාව රජය ප්‍රතික්ෂේප නොකරන බව ජනපති කියයි

සමරිසි සබඳතා පිළිබඳ යෝජනාව රජය ප්‍රතික්ෂේප නොකරන බව ජනපති කියයි

  • September 13, 2022
  • No Comment
  • 30

සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාදීකරණය කිරීමට අදාළව ඉදිරිපත් වී ඇති යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) ප්‍රධානී සමන්තා පවර් සමඟ ඉකුත් දින පැවති සාකච්ඡාව අතරතුරදී ය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති යොදා ගනිමින් සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන අන්දමින් පොලිස් අත්අඩංගුවට පත්වීම් සහ හිංසනයන් සිදුකිරීම් වලට අදාළ සිදුවීම් වාර්තා වී ඇති අතර, මෙම නීති බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුළ හඳුන්වා දුන් යල්පැන ගිය නීති බව නීති විශාරදයන්ගේ මතයයි.

ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014, 2017 සහ 2019 වර්ෂ වල පුද්ගලයකුගේ ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බව පවසා ඇති අතර, 2022 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලුම අන්දමේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුවේ දී (CEDAW) අවධාරණය කර සිටියේ එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ ප්‍රකාශ කර තිබුණ ද සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට පොලීසිය ඇතුළු රජයේ ස්ථානවල සිදුව ඇති විවිධ හිංසනයන් හා වෙනස්කොට සැලකීම් පිළිබඳ තොරතුරු මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.

ඉකුත් මස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාදකරුවන් කරන වගන්ති ‘සංශෝධනය’ කරන මෙන් ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය ජනාධිපතිවරයාට භාරදීම ද සිදුවිය.

ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ මෙම යෝජනාව රජය විසින් ප්‍රතික්ෂේප නොකරන මුත්, ‘ස්වාධීන’ මන්ත්‍රීවරුන් ගේ සහාය ද මීට හිමිවිය යුතු බවයි.

එමෙන්ම, මෙය පුද්ගලයකුගේ ‘පෞද්ගලික හෘද සාක්ෂියේ කරුණක්’ බව ද ජනාධිපතිවරයා සමන්තා පවර් සමඟ පැවති සාකච්ඡාවේදී පවසා ඇත.

මානව හිමිකම් ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය අගය කරන මුත්, ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාදකරුවන් කරන ප්‍රතිපාදන ‘සංශෝධනය’ කිරීමක් නොව ‘අහෝසි කිරීමක්’ බවයි.

එමෙන්ම, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය දක්වන මෙම යහපත් ප්‍රතිචාරය, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අරගල කරන ජනතාව අතරට විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හඬ ද එකතු වීම වැළැක්වීමේ ප්‍රයද්නයක් නොවනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ඔවුහු පැවසූහ.

-රංජීත් පෙරේරා-

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *