හිරු නොබසින අධිරාජයේ ගිලිහෙන මහා රැජිණ..

හිරු නොබසින අධිරාජයේ ගිලිහෙන මහා රැජිණ..

  • September 10, 2022
  • No Comment
  • 38

අධිරාජ්‍යයේ සිට පොදු රාජ්‍ය දක්වා ලෝකවාසී ජනතාව ඒකරාශී කරමින් කිරීටයක ගෞරවය රැකදුන් දෙවැනි එළිසබෙත් මහ රැජිණ ලෝකයෙන් සමුගත් බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

වසර 70 ක රාජකීයත්වයට උරුමකම් කී මහ රැජිණගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්ව සිටි.

මහ රැජිණගේ වියෝව දැනුම් දෙන්නේ London bridge is down යන කේතයෙනි.

මේ ශෝකී පුවත නිල වශයෙන් දැනුම් දීම පැවරුණේ නව  අගමැතිනි ලිට් ට්‍රස් මහත්මියටයි.

දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අවමංගල්‍යය සැලැස්ම හැඳින්වෙන්නේ operation london bridge යනුවෙන්.

එම සැළැස්මට අනුව ඇගේ වියෝව මහ රැජිණ රාජ්‍යත්වය දැරූ රටවල් 15 ට සහ ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ සෙසු රටවල් 36 ට දැනුම් දුන්නේ ය.

1926 ලන්ඩනයේ මේෆෙයර්හීදී එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ලෙස උපත ලද කුමරිය සිය පියා වන හයවැනි ජෝර්ජ් රජු මියයාමෙන් පසුව රජ කිරුළට හිමිකම් කීවේ 1952 දී.

බිලියන 7.9ක් වන ලෝක ජනගහණයෙන් බිලියන 2.5 ක ජනතාවක් ජීවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක නායිකාව ඇයයි.

එළිසබෙත් රැජිණ සිය මෞලි මංගල්‍යයෙන් මාස 5කට පසුව එනම් 1954 අප්‍රේල් 10 වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

1954 අප්‍රේල් 12 ලංකා පාර්ලිමේන්තුව නව සැසිවාරය මහ රැජිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ නිදහස් චතුරශ්‍රයේදී යි.

මේ ගමනේ විශේෂත්වයක් තිබුණි.

අප්‍රේල් 21 වැනි දාට යෙදුන එළිසබෙත් රැජිණගේ 28 වැනි උපන්දිනය ගාලු මුවදොර පිටියේ දී සමරනු ලැබුවේ ය.

මහ රැජිණ යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 1981 දී වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් ඇරඹීමට.

ශ්‍රී ලංකාවට පැමිණි ආකාරයටම සාමාජික රටවලට යාම හා winston churchill ගෙන් ආරම්භ වී ගෙවුණු සතියේ බ්‍රිතාන්යයේ 15 වැනි අගමැතිවරිය ලෙස
ලිට් ට්‍රස් මහත්මියට පත්වීම දීම දක්වා සෑම සතියකම රජිණ අගමැතිවරුන් හමුවීම පුරුද්දක් කර ගෙන සිටියේ ය.

වසර 70 ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරූ බ්‍රිතාන්‍යයේ පළමු රාජකීයා ලෙස ඇය ඉතිහාසයට එක්විය.

වසර 74 ක් මහ රැජිණගේ ප්‍රේම කිරීටය අත්පත් කරගෙන සිටී ඇගේ සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා වයස අවුරුදු 99 දී මිය ගියේ පසුගිය අවුරුද්දේයි.

මහ රැජිණ ලොවෙන් සමුගත් ඊයේ දිනයේ බකිංහැම් මාලිගයට ඉහළින් දේදුණු දෙකක් පෑයූ බවටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

මහ රැජිණගේ වියෝවත් සමග බ්‍රිතාන්‍යයේ වෙනස්කම් රැසක් සිදු විය.

රජිණගේ රුව සහිත මුදල් නෝට්ටු විදේශ ගමන් බලපත්‍ර සහ නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වේ.

බැංකුවලින් හා තැපැල් කාර්යාල මගින් පැරණි මුදල් නෝට්ටු එකතු කිරීම දැනටත් ක්‍රියාත්මකයි.

ජාතික ගීයේ හි කියවෙන “දෙවියන් අපගේ රැජිණිය රෑක දේවා “යන්න දෙවියන් අපගේ රජු රැක දේවා” ලෙස වෙනස් වේ.

රැජිණ අභාවප්‍රාප්ත වූ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ සිට දේහය ලන්ඩන් නුවරට ගෙන ඒමෙන් පසුව ගෙවෙන සිව්වැනි දිනයේ රාජකීය හමුදා ගෞරවාචාර මැද පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

නව රජු ලෙස චාල්ස් කුමරු පාර්ලිමේන්තුව විසින් පිළිගැනීම සිදු කෙරෙන්නේ මේ අතරතුරය.

එළිසබෙත් මහ රැජිණ සමුගන්නා දවස බ්‍රිතාන්‍යයේ ජාතික ශෝක දිනයක්.

එදින උදේ 9.00 ට බිග් බෙන් ඔරලෝසුව ශෝකී රාවය නගයි.

පෙරවරු 11.00 ට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ වත්පිලිවෙත් අවසන් වීමෙන් පසු රාජකීය අවමංගල්‍යය සිදු කෙරෙන්නේ, වින්ස්ටර් මාලිගයේ රාජකීය සුසාන භූමියේ දීය.

එතැන් සිට චාල්ස් කුමරු තුන්වෙනි චාල්ස් ලෙස රාජකීයත්වයට පත් වීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණ අභාවය හේතුවෙන් සියලු පොදු ගොඩනැගිලිවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ලබන19 වැනි දා මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද මෙරට පාර්ලිමේන්තුවේදී විනාඩි 2ක නිශ්ෂබ්ධතාවයක් පැවැත්විය.

Sirasa.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *